වැඩසටහන පිළිබඳව සමස්ත ප්‍රත්‍යාවේක්ෂණය
කුමක්ද?
අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීයෙකු වශයෙන් ගුරු
අධ්‍යාපනපති පාඨමාලාව පිළිබඳ යම් දැනුමක් තිබුණ ද, මාර්ගගතව හඳාරන මෙම පාඨමාලාව
පිළිබඳ කිසිදු අත්දැකීමක් නොතිබුණු බව වැටහුණි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතයෙන්
ඉගෙනීම මට අභියෝගයක් වේ යැයි හැඟුණු නමුත් එ් පිළිබඳ අවබෝධයක් ලබා ගත් පසු එය ඉතා
පහසු කාර්යයක් වේ යැයි හැඟුණි. සාකච්ඡා මණ්ඩප, සමපදස්ථ සාකච්ඡා, කණ්ඩායම් ක්‍රියාකාරකම්වලින්
ප්‍රතිපෝෂණය ලබා ගැනීම පිළිබඳ සුභවාදී හැඟිමක් මා තුළ පාඨමාලාව හැදෑරීමට පෙර
නොතිබූ බව වැටහුණි.
ඉතින් කුමක්ද?
සිද්ධි පාදකව මාර්ගගතව මෙම පාඨමාලාව හැදෑරීම
රාජකාරි බහුල නිලධාරීන් වන අපට පහසු වුණු බව හැඟුණි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතය
හා සමපදස්ථයින්ගෙන් ප්‍රතිපෝෂණය ලබා ගැනීම ඉගෙනුම් ඵල පහසුවෙන් ළඟා කර ගැනීම සඳහා
දායක වූ බව හැඟුණි. මෙම වැඩසටහනේ සාම්ප්‍රදායික ලිඛිත පරීක්ෂණ වෙනුවට කුඩා පරිමාණ
ව්‍යාපෘති මගින් අඛණ්ඩව ඇගයීමට ලක් කිරීම සාධනීය බව හැඟුණි. පාඨමාලාවෙන් න්‍යායාත්මක
දැනුම මෙන්ම ප්‍රායෝගික කුසලතා ද ලබා ගැනීමට හැකිවූ බව හැඟුණි. විවෘත අධ්‍යාපනික
සම්පත්, hot potato,
google site, blogger වැනි
පරිගණක මෘදුකාංග භාවිතය පිළිබඳ දැනුම පුළුල් වූ අතර කුසලතා වර්ධනය වූ බව හැඟුණි. පාඨමාලාවල ඉගෙනුම් ඵල ළඟා කර ගැනීම
සඳහා සිදු කළ ව්‍යාපෘති, ඉදිරිපත් කිරීම් හා වාර්තා සකස් කිරීම මගින් නිර්මාණශීලී
හැකියාව මෙන්ම නායකත්ව, සන්නිවේදන හා කළමනාකරණ කුසලතා වැඩි දියුණු වූ බව හැඟුණි.
මෙම වැඩසටහන ස්වයං ඉගෙනුම සඳහා වැඩි ඉඩ ප්‍රස්ථා ඇති අතර ස්වයං ඉගෙනුම මගින් නිපුණතා
බොහොමයක් අත් කර ගත් බව වැටහුණි. මෙහි දී
සමපදස්ථයන් සමඟ සහයෝගීව කටයුතු කිරීම මෙන්ම ඔවුන්ගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා ද
අවස්ථාව ලද බැවින් වඩාත් පහසුවෙන් අධ්‍යයන කටයුතු කිරීමට හැකිවූ බව හැඟුණි.
දැන් කුමක්ද?
වැඩසටහනේ පාඨමාලාවලින් ලබා ගත් කුසලතා මාගේ
වෘත්තීය කටයුතුවල දී යෝදා ගැනිමට හැකිවේ යැයි හැඟුණි. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ
පර්යේෂණ කිරීමට පෙළඹවීමක් ඇති වීම හා සිදු කරන ලද පර්යේෂණවල අනාවරණ, නිර්දේශ හා
යෝජනා මත තීරණ ගත යුතු බව වැටහුණි. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දි මාගේ විෂය ක්ෂේත්‍රයට
අදාළ විෂයමාලා සංවර්ධනයට දායක විමට දැන් මා තුළ දැනුම, කුසලතා හා අත්දැකීම් ඇති බව
හැඟුණි. ගුරුවරුන්ගේ හා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන්වල දි බව තාක්ෂණය යොදා
ගැනීමටත්, ඒවා සංවිදානය කිරීමේ දි වැඩිහිටි අධ්‍යාපිතයන්ට ගැලපෙන ඉගෙනුම් ක්‍රමවේද
යොදා ගැනීමටත් මා හට හැකියාවක් ඇතැයි හැඟුණි. පාඨමාලාවල දී ලබා ගත් තාක්ෂණික දැනුම
වෘත්තීය කටයුතුවලට යොදා ගැනීමටත්, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සංවර්ධනය සඳහා
තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සංවර්ධනයටත් යොදා ගැනීමට හැකිවේ යැයි හැඟුණි.
No comments:
Post a Comment