ඉගෙනුම්
ඵලය - 1
අධ්‍යාපන
ආයතනයක් තුළ පැන නගින ගැටළු හඳුනා ගැනීම, ඒවාට විසදුම් සෙවීම හා යෝග්‍ය තීරණවලට
එළඹීම
2023.08.05
කුමක්ද?
අධ්‍යාපන
ආයතනයක සැලකිව යුතු කාලයක් සේවය කිරීම නිසා මෙවැනි ආයතනයක ඇතිවන ගැටළු පිළිබඳ
අවබෝධයක් මා තුළ තිබූ බව වැටහුණි. නමුත් ගැටළු, අධ්‍යාපන ආයතනයෙන් ආයතනයට වෙනස් වන
බවත්, ඒවාට විසදුම් සෙවීමේ දී ආයතනය පවතින තත්ත්වය, සම්පත්, පාර්ශවකරුවන් පිළිබඳව
අවධානය යොමු කළ යුතු බැවින් එ් පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බව හැඟුණි. එබැවින්
අධ්‍යාපන ආයතනවල ගැටළු හඳුනා ගැනීමට හා
විසදුම් ලබා දීම ආයතනය ඵලදායීව පවත්වා ගැනීමට වැදගත් බැවින් මේ පිළිබඳව වැඩිදුරටත්
අවධානය යොමු කළ යුතු බව මා හට හැඟුණි.
ඉතින්
කුමක්ද?
දින
පාසලෙන් ලද දැනුම (ඇමුණුම 1) හා සමපදස්ථ සාකච්ඡා (ඇමුණුම 2) හා කණ්ඩායම් ක්‍රියාකාරකම්වලින්
ලද දැනුම, ලබාදී ඇති සිද්ධි අධ්‍යයනය හා ගැටළු හඳුනා ගැනීමේ දී මනා පිටිවහලක්
වූ බව හැඟුණි. එහිදී නිවැරදිව ගැටළුව
හඳුනා ගැනීමට, ගැටළුවට හේතු හඳුනා ගැනීමට හා ඵලදායී විසදුම් කරා ළඟා වීමට ඉතා
වැදගත්වන බව හැඟුණි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සාකච්ඡා මණ්ඩප (ඇමුණුම 3)
වලින් ගැටළුවලට විසදුම් සෙවීම පිළිබඳව අවබෝධයක් ලද බව හැඟුණි. මෙහිදී නායකත්වය,
ශදුඅත විශ්ලේෂණය වැනි කළමනාකරණ මූලධර්ම භාවිත කරන ආකාරය පිළිබඳ අන්තර්ජාලය
ගවේෂණයෙන් (ඇමුණුම 4) පිළිබඳ අවබෝධයක් ලද බව හැඟුණි. ගැටළුවලට විසදුම් යෝජනා
කිරීමේ දී මා පූර්වයෙහි ලද අත්දැකීම් හා සමපදස්ථයින්ගේ අත්දැකීම්, උපකාරී වූ බව හැඟුණි.
මාගේ රාජකාරී ජීවිතයේදී තාක්ෂණවේදය විෂයධාරාව හඳුන්වා දීමේදී ඇතිවූ ගැටළු හා එවාට
ලබා දුන් විසදුම් පිළිබඳව ස්වයං ප්‍රත්‍යාවේක්ෂණය සිදු කිරීම උචිත යැයි හැඟුණි.
2013 වර්ෂයේ දී තාක්ෂණවේදය විෂයධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය හඳුන්වා දීම
පිළිබඳව හා එහිදී ඇතිවූ ගැටළු, ගැටළුවලට හේතු හා ඒවා විසදීමට ගත් ක්‍රියාමාර්ග
පිළිබඳව ප්‍රත්‍යාවේක්ෂණය සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි හැඟුණි.
දැන්
කුමක්ද?
දින
පාසලේ දී ලද දැනුම, සමපදස්ථ සාකච්ඡා හා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය
අධ්‍යයනයෙන් අධ්‍යාපන ආයතනයක ඇතිවන ගැටළු, ඒවාට හේතු හා විසදුම් සෙවීම සඳහා අවශ්‍ය
දැනුම හා කුසලතා මා හට ලැබුණු බව හැඟුණි. මා ලද අත්දැකීම් ඇසුරින් ඉංජිනේරු
තාක්ෂණවේදය විෂය හඳුන්වා දීමේදී ඇතිවූ ගැටළු හා ඒ පිළිබඳ ප්‍රත්‍යාවේක්ෂණයෙන් මා
ලද දැනුම තවදුරටත් තහවුරුවූ බව හැඟුණි.
ගැටළුවලට විසදුම් සෙවීමේ දී කළමනාකරණ මූලධර්ම පදනම් කරගෙන ඒවා කළ යුතු බව වැටහුණි.
ආයතනයක ඵලදායී හා තිරසර ක්‍රියාකාරීත්වය උදෙසා සුදුසු කළමනාකරණ මූලධර්ම පාදක කරගෙන
විසදුම් සෙවීම හා තීරණ ගැනීම ඉතා වැදගත් වන බව වැටහුණි. ඉදිරියේදී රාජකාරි ජීවිතයේ
දී ආයතනය තුළ මෙම ඉගෙනුම් ඵලය අත්පත් කර ගැනීමේදී ලබා ගත් දැනුම හා කුසලතා ඉතා
වැදගත් වනු ඇතැයි හැඟුණි.
ඇමුණුම
1 - දින පාසලෙන් ලද දැනුම
ඇමුණුම 2 - සමපදස්ථ සාකච්ඡා
ඇමුණුම
3 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ සාකච්ඡා මණ්ඩපවලට සහභාගී වීම
ඇමුණුම
4 - අන්තර්ජාල පර්ශීලනය
ඉගෙනුම්
ඵලය 2
කළමනාකරණ
ක්‍රියාවලියට අදාළ දැනුම හා කුසලතා භාවිතය
කුමක්ද?
කළමනාකරණ
ක්‍රියාවලියට අදාළ දැනුම හා කුසලතා පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා
පාඨමාලාවෙි දී හදාරා තිබුණ ද, ඒ සම්බන්ධයෙන් මා තුළ ඇති දැනුම හා කුසලතා ප්‍රමාණවත්
නොවන බව හැඟුණි. මා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරිනියක වශයෙන් කටයුතු කරන බැවින්
ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය මාගේ රාජකාරි සඳහා වැදගත් වන බව හැඟුණි.
ඉතින්
කුමක්ද?
දින
පාසලේ ක්‍රියාකාරකම්වල දී (ඇමුණුම 1) කළමනාකරණ න්‍යාය හා කළමනාකරණ ක්‍රියාවලියට
අදාළ පියවර පිළිබඳව අවබෝධයක් ලද බව හැඟුණි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත්
ද්‍රව්‍ය භාවිතයෙන් (ඇමුණුම 2) හා අන්තර්ජාලය පරිශීලනයෙන් (ඇමුණුම 3) කළමනාකරණය
පිළිබඳව දැනුම තවදුරටත් ලබා ගත් බව හැඟුණි. සමපදස්ථ සාකච්ඡාවලින් අධ්‍යාපන
කළමනාකරුවෙකු වශයෙන් මා විසින් අත්පත් කර ගත යුතු කුසලතා පිළිබඳව දැනුවත්වූ අතර,
ඒවා රාජකාරි කටයුතුවල දී වැඩිදුරටත් තහවුරු වූ බව හැඟුණි. කළමනාකරණ භූමිකාව
පිළිබඳව ද, කළමනාකරණයේ දී ඇතිවන අභියෝග හා ගැටළු නිරාකරණය කර ගනිමින් කළමනාකරුවෙකු
වශයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ද දින පාසලේ දී දැනුම ලබා ගන්නා ලද බව වැටහුණි.
කළමනාකරණ දැලිස පිළිබඳවත් විවිධ පුද්ගලයන් ඉදිරිපත් කර ඇති න්‍යායවලට අනුව වැඩිදුර
හැදෑරීම සඳහා විවෘත අධ්‍යාපනික සම්පත් භාවිත කළ යුතු බව හැඟුණි.
දැන්
කුමක්ද?
සේවා
ස්ථානයේදී මෙන්ම පාසල් සමඟ කටයුුතු කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ශෛලියක් අනුගමනය කළ
යුතු බවත්, සියලු දෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි දේ හඳුනාගෙන ක්‍රියාත්මක
කළ යුතු බවත්, මෙම ඉගෙනුම් ඵලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව වැටහුණි. අධ්‍යාපන
කළමනාකරණය හා එහි න්‍යායන් පිළිබඳව නැවත අධ්‍යයනය කිරීම මාගේ රාජකාරි කටයුතුවලට
පහසුවක් වූ බව හැඟුණි. ඉදිරියේ දී පාසල් සමඟ කටයුතු කිරීමේ දි මා ලබා ගත් දැනුම හා
කුසලතා යොදා ගැනීමටත්, මේ පිළිබඳ දැනුම අධ්‍යාපන නිලධාරීන් සඳහා පවත්වනු ලබන වැඩසටහන්වලදී
යොදා ගැනීමටත් අධිෂ්ඨාන කර ගතිමි.
ඇමුණුම 1 - දින පාසලෙන් දැනුම ලබා ගැනීම
ඇමුණුම
2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය
ඉගෙනුම්
ඵලය 3
වෙනස්වීම
සඳහා ඇති බලපෑම හා වෙනස්කම් හඳුන්වා දීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා
හඳුනා ගැනීම
කුමක්ද?
අධ්‍යාපන
පරිපාලන සේවයේ නිලධාරිනියක ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන මා හට අධ්‍යාපන
ආයතනවලට හෝ අධ්‍යාපනය සම්බන්ධ වෙනස්කම් හඳුන්වා දීමට ඇති දුෂ්කරතා පිළිබඳව
පැහැදිළි වැටහීමක් තිබූ බව හැඟුණි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී, විෂය සම්බන්ධ
කටයුතුවල දී අත්‍යාවශ්‍ය වෙනස්කම් හඳුන්වා දීමට කටයුතු කිරීමේ දී ඒ සඳහා ඇතිවූ ප්‍රතිරෝධය
හා අසාර්ථකවීම් පිළිබඳ අත්දැකීම් මා තුළ ඇති බව වැටහුණි. එබැවින් වෙනස්කම් හඳුන්වාදීමට
හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා ලබා ගැනීම ඉතා වැදගත් බව හැඟුණි.
ඉතින්
කුමක්ද?
මාගේ
රාජකාරි කටයුතු නිසා දින පාසලට සහභාගි වීමට නොහැකි වුවත්, දින පාසලේ දී ලද
අත්දැකීම් පිළිබඳව සමපදස්ථයන් සමඟ කරනු ලැබූ සාකච්ඡාවලින් වෙනස්වීම් වර්ග, වෙනස්වීම්
කළමනාකරණය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මා හට හැකිවූ බව හැඟුණි. විවෘත අධ්‍යාපනික සම්පත් පරිහරණයෙන් (ඇමුණුම 1),
ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිහරණයෙන් (ඇමුණුම 2) හා
අන්තර්ජාලය පරිහරණයෙන් (ඇමුණුම 3) ලබා ගත් දැනුම තවදුරටත් පුළුල් කර ගැනීමට හැකිවූ
බව හැඟුණි. මේ අනුව වෙනස්වීම සඳහා ඇති බලපෑම ශදුඅත විශ්ලේෂණයකින් නිවැරදිව හඳුනා
ගැනීමට සහ යෝග්‍ය වෙනස්කම් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම බාධාවකින් තොරව සිදු
කිරීමටත් හැකිවේ යැයි හැඟුණි.
දැන්
කුමක්ද?
මෙම
ඉගෙනුම් ඵලය අත්පත් කර ගැනීමේ දි සිද් කරන ලද ස්වයං අධ්‍යයනය මගින් වෙනස්වීම් සිදු
කිරීම සඳහා අවශ්‍යතාව, ආයතනයේ වර්තමාන තත්ත්වය, සිදු කළ යුතු වෙනස්කම් හා එම
වෙනස්කම් සිදු කළ යුතු ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ලද බව හැඟුණි. මෙ මගින් ලබා ගත්
දැනුම හා කුසලතා මාගේ වෘත්තිය ජීවිතයේදී යොදා ගැනීමටත්, වෙනස්වීම් අවශ්‍ය විටෙක ඒ සඳහා
ඉදිරිපත්වී වෙනස්වීම් කාරකයෙකු වශයෙන් කටයුතු කිරීමටත් මා හට හැකියාවක් ඇතැයි
වැටහුණි. මෙම පාඨමාලාව තුළින් ලබා ගත් දැනුම හා කුසලතා මාගේ සහෘද නිලධාරීන්ට ද ලබා
දීමට මා හට හැකියාවක් ඇතැයි හැඟුණි.
ඇමුණුම
1 - විවෘත අධ්‍යාපනික සම්පත් පරිශීලනය

ඇමුණුම
2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් පරිහරණය
ඇමුණුම 3 - අන්තර්ජාලය පරිහරණය
ඉගෙනුම්
ඵලය 4
සමීප
පරිසරයේ ඇති පාරිසරික ගැටළු හඳුනා ගැනීම
හා ඒවා වැඩි දියුණු කිරීම් යෝජනා කිරීම
කුමක්ද?
රාජකාරි
කටයුතුවල දී නිරන්තරයෙන්ම සමීප පරිසරයේ ගැටළු ඇති වීම සිදු වුවත්, සමහර ගැටළු
නිවැරදීව හඳුනා නොගැනීම නිසා ඒවාට විසදුම් සෙවීමට නොහැකි වී ඇති බව මා හට හැඟුණි. එබැවින් සමීප පරිසරයේ ඇත්
ගැටළු හඳුනා ගැනීම හා ඒවා අවම කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ තවදුරටත්
දැනුම හා කුසලතා ලබා ගත යුතුව ඇතැයි හැඟුණි.
ඉතින්
කුමක්ද?
මෙම
ඉගෙනුම් ඵලය අත්පත් කර ගැනීම සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති විවෘත අධ්‍යාපනික
සම්පත් ද්‍රව්‍ය පරිශීලනය (ඇමුණුම 1), ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය
පරිහරණය (ඇමුණුම 2) හා ග්‍රන්ථ පරිශීලනය (ඇමුණුම 3) කිරීම සුදුසු යැයි හැඟුණි.
මෙහි දී වෘත්තීය ආයතනයේ ඇතිවන ගැටළු හඳුනා ගැනීම, එම ගැටළු විසදීමට යෝජනා ඉදිරිපත්
කිරීම හා වඩාත් සුදුසු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මා හට යම් දැනුමක් ලබා ගත් බව
හැඟුණි. මෙය තහවුරු කර ගැනීමට සමපදස්ථ සාකච්ඡා ඉවහල් වූ බව වැටහුණි.
දැන්
කුමක්ද?
ගැටළු
හඳුනා ගැනීම හා එම ගැටළු විසදා ගැනීම සඳහා සිදු කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීම හා
ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ග හඳුනා ගත යුතු බව කර්ට් ලෙනින්ගේ ආකෘතිය
අනුව වටහා ගත් බව හැඟුණි. මේ සඳහා ක්‍රමානුකූලව, යම් අධ්‍යයනයකින් පසුව කටයුතු කළ
යුතු බව වැටහුණි. එසේ නොවුනහොත් සිදු කරනු ලබන වෙනස්කම් අපේක්ෂිත ප්‍රතිඵල ලබා
නොදෙනු ඇතැයි හැඟුණි. ඉදිරියේ දී මාගේ වෘත්තීය කටයුතුවල දී මෙම ඉගෙනුම් ඵලය අත්පත්
කර ගැනීමෙන් මා ලද දැනුම හා කුසලතා යොදා ගැනීමට හැකිවේ යැයි මා හට හැඟුණි.
ඇමුණුම 1 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති විවෘත අධ්‍යාපනික සම්පත් ද්‍රව්‍ය පරිශීලනය
ඇමුණුම 2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිහරණය















No comments:
Post a Comment