2023.08.13
ඉගෙනුම් ඵලය 1
ගුරුවරුන්
සතු විය යුතු යැයි ඔබ අපේක්ෂා කරන ගති ලක්ෂණ හා නිපුණතා හඳුනා ගැනීම හා ඒවා ඔබගේ
ගුරු ශිෂ්‍යයන් තුළ සංවර්ධනය කිරීම
කුමක්ද?
ගුරු
අධ්‍යාපනඥයා වෘත්තියෙකු සෙ යන පාඨමාලාවට අදාළව පළමුවන ඉගෙනුම් ඵලය ළඟා කර ගැනීම
සඳහා ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ වෘත්තිකයෙකු යනු කවරෙක්ද? හා වෘත්තිකයෙකු සතු
ලක්ෂණ හඳුනා ගැනීම බව හැඟුණි. අධ්‍යාපන පරිපාලන සේවයේ වසර 18ක අත්දැකීම් මා සතුව
පවතින නිසා ගුරුවරුන් සතු විය යුතු ගත් ලකුෂණ පිළිබඳ ව යම් දැනුමක් මා තුළ ඇති බව
හැඟුණි. නමුත් ගුරු සේවයේ පළපුරුද්දක් නොමැති බැවින් ඔවුන් සතු විය යුතු ගති ලක්ෂණ
පිළිබඳ තවදුරටත් අවබෝධයක් ලබා ගත යුතු බව සහ ඒ පිළිබඳව ක්‍රමානුකූල විශ්ලේෂණයක්
කිරීම සිදු කළ යුතු බව ද මා හට හැඟුණි.
ඉතින්
කුමක්ද?
පළමුවන
දින පාසලෙන් ලද දැනුම අනුව වෘත්තියක් යනු කුමක්දැයි පැහැදිලිව වටහා ගැනීමට අවශ්‍ය
බවත් එහිදී ගුරු වෘත්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් වැටහුණි. දින
පාසලේදී සිදු කරන ලද ඉගෙනුම් ක්‍රියාකාරකම්වලදී (ඇමුණුම 1), ඉගෙනුම් කළමනාකරණ
පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් (ඇමුණුම 2) හා අන්තර්ජාලය පරිශීලනයෙන් (ඇමුණුම
3) ගුරුවරුන් සතු විය යුතු ගති ලක්ෂණ හා ඔවුන් සතු විය යුතු නිපුණතා පිළිබඳව
පැහැදිලි අවබෝධයක් ලබා ගත් බව හැඟුණි. මෙහිදී යුනෙස්කෝ ආයතනය විසින් පළ කර ඇති
ගුරු ප්‍රමිති පිළිබඳ ගෝලීය රාමුව අධ්‍යයනය කිරීම (ඇමුණුම 4) මෙම ඉගෙනුම් ඵලය
අත්පත් කර ගැනීම සඳහා මහඟු පිටිවහලක් වූ බව හැඟුණි. ගුරුවරුන් සතු ගති ලක්ෂණ හඳුනා
ගැනීම සඳහා මාර්ගගතව ගුරුවරුන්ගෙන් තොරතුරු ලබා ගැනීමෙන් ද (ඇමුණුම 5) මෙම ඉගෙනුම්
ඵලය කරා ළඟා වීම වඩාත් පහසු වූ බව හැඟුණි.මේ පිළිබඳව වෙනත් රටවල ඇති තත්ත්ව පිළිබඳ
අවබෝධයක් ලබා ගැනීම සඳහා තවදුරටත් අන්තර්ජාලය පරිහරණය කළ යුතු බව වැටහුණි.
දැන්
කුමක්ද?
පළමුවන
දින පාසලේදී සිදු කරන ලද සමපදස්ථ සාකච්ඡා, කථිකාචාර්යවරයාගේ මග පෙන්වීම, ගෝලීය
වාර්තා හා අන්තර්ජාලය පරිශීලනයෙන් ගුරුවරයෙකුගෙන් අපේක්ෂා කරන ගති ලක්ෂණ පිළිබඳව
පැහැදිළි අවබෝධයක් ලද බව හැඟුණි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායීව ක්‍රියාත්මක
කිරීම සඳහා ගුරුවරුන් සතු විය යුතු නිපුණතා පිළිබඳවත් අවබෝධයක් ලබා ගත් බව හැඟුණි.
මෙමගින් ඉදිරි ගුරු පුහුණු වැඩසටහන්වලදී ගුරුවරුන් සමඟ කටයුතු කිරීමේ දී ඔවුන්ගේ
සාධනීය ගත් ලක්ෂණ තවදුරටත් වර්ධනය සඳහා මග පෙන්වීමට හා ඔවුන් සතු නිපුණතා වර්ධනය
කිරීමට අවනශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමටත් මා හට දැන් හැකියාවක් ඇති බව හැඟුණි. මෙම
ඉගෙනුම් ඵලය අත්පත් කර ගැනීමෙන් ගුරවරුන්ගේ දුබලතා හඳුනා ගෙන ඒවා අවම කිරීම සඳහා
ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දායක විය හැකි බවටත් මා හට හැඟුණි.
ඉදිරි ගුරු පුහුණු වැඩසටහන්වල දී විෂය කරුණුවලට අමතරව ගුරුවරුන්ගේ වෘත්තීයභාවය හා
නිපුණතා වර්ධනය කිරීම සඳහා වැඩි කාලයක් වෙන් කළ යුතු බවද හැඟුණි.
ඇමුණුම 1 - දින පාසලේ කණ්ඩායම් ක්‍රියාකාරකම්
ඇමුණුම 2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය
ඇමුණුම
5 - මාර්ගගතව ගුරු ප්‍රමිති පිළිබඳව ගුරවරුන්ගෙන් අදහස් ලබා ගැනීම
ඉගෙනුම්
ඵලය 2
වෘත්තීය
ආචාර ධර්ම වර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයි දැයි පැහැදිලි කර ගැනීම, ගුරුවරුන් සහ
ගුරු අධ්‍යාපනඥයින් ලෙස ඔබේ වෘත්තියේ එවැනි ආචාර ධර්ම ඇතුළත් කර ගැනීම
කුමක්ද?
ඕනෑම වෘත්තියක ආචාර ධර්ම ඇති බවත්, විශේෂයෙන්ම ගුරුවරුන් හා ගුරු අධ්‍යාපනඥයන්
සතු විය යුතු වෘත්තිය ආචාර ධර්ම පිළිබඳව විශේෂයෙන් හැදෑරිය යුතු බවත් අධ්‍යාපන
පරිපාලන සේවයේ නිලධාරියෙකු වශයෙන් මා හට හැඟුණි. වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලන
තත්ත්වය තුළ වෘත්තීය ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කරමින් මෙම ගුරු වෘත්තීය
ආචාර ධර්ම කෙතෙක් දුරට ගුරුවරුන් සතු දැයි විමසා බැලිය යුතු බව මා හට හැඟුණි. ඒ
අනුව ප්‍රතිපත්ති සම්පාදකයන්, ගුරුවරුන් විසින් සකස් කරගෙන ඇති ගුරු ආචාර ධර්ම
පද්ධතිය පිළිබඳව නව මානයකින් බැලීම ඉතා වැදගත්වේ යැයි හැඟුණි.
ඉතින් කුමක්ද?
දින පාසලේ දී ලද දැනුම, දින පාසලේ ක්‍රියාකාරකම් සිදු කිරීම හා අන්තර්ජාලය පරිහරණයෙන් (ඇමුණුම 1) ගුරු ආචාර ධර්ම පිළිබඳව යම් අවබෝධයක් ලද බව හැඟුණි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් (ඇමුණුම 2) හා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති ගුරු අචාර ධර්ම පිළිබඳ 37/2012 චක්‍රලේඛයට අනුව ද (ඇමුණුම 3) මේ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත් බව හැඟුණි. මෙම අධ්‍යයනයේ දී හඳුනා ගත් ආචාර ධර්ම නවක ගුරුවරුන් සතුව පවතීද යන්න පිළිබඳන විමසා බැලීමටත්, ගුරු වෘත්තිකභාවය පවත්වා ගෙන යාමට ආචාර ධර්මවලට අනුගත වීම වැදගත් බව වැටහුණි. ගුරුවරයෙකු/ ගුරු අධ්‍යාපනඥයෙකු වශයෙන් පන්ති කාමර කළමනාකරණයේ දී ද ගුරු ආචාර ධර්ම අනුව කටයුතු කිරීම වැදගත් බව වැටහුණි.
දැන් කුමක්ද?
වෘත්තියක ආචාර ධර්ම පැවතීම වෘත්තිකභාවය පවත්වා ගැනීමටත්, වෘත්තීය
සංවර්ධනය සඳහාත් අත්‍යාවශ්‍ය වන බව මෙම අධ්‍යයනයෙන් අනතුරුව මා හට හැඟුණි. අධ්‍යාපන
පරිපාලන සේවයේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමේ දී ආචාර ධර්මවලට අනුකූලව කටයුතු
කිරීමටත්, වර්තමානයට ගැලපෙන ලෙස නව ආචාර ධර්ම ඇතුළත් කර ගැනීමටත් පාර්ශවකරුවන් සමඟ
කටයුතු කිරීමේ දී ඉතා වැදගත් වන බව හැඟුණි. ඒ අනුව මා සමඟ සේවය කරන නිලධාරීන් ද
වෘත්තීය ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දීමට හා හැකි සෑම
අවස්ථාවකදී ම ආචාර ධර්මවලට අනුව කටයුතු කිරීමට අදිටන් කර ගතිමි.
ඇමුණුම
1 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය
අමුණුම 2 - අන්තර්ජාලය පරිශීලනය
ඉගෙනුම් ඵලය - 3
ප්‍රධාන නීති සම්පාදනයේ හිඩැස් හා ක්‍රියාත්මක
කිරීමේ දී පවතින අඩුපාඩු හඳුනාගෙන මෙම හිඩැස් මගහරවා ගැනීම සඳහා උපාය මාර්ග යෝජනා කිරීම
කුමක්ද?
පාසලක් හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාමේ
දි ප්‍රතිපත්ති සම්පාදකයින් හෝ අදාළ ආයතනය විසින් සකස් කර ගත් නීති රීති මාලාවකට
අනුගතව කටයුතු කළ යුතු බව මා හට වැටහුණි. ඒ අනුව නිකුත් කර ඇති චක්‍රලේඛවලට හා
මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු වුවද, ප්‍රායෝගිකව පාසල්වල පවතින තත්ත්ව හා සම්පත් අනුව යම් අඩු පාඩු සිදු
විය හැකි බව මා හට වැටහුණි. එවැනි අඩුපාඩු නිවැරදිව හඳුනා ගැනීම, විශ්ලේෂණය හා
අඩුපාඩු මග හරවා ගැනීමට දායක විය යුතු බවත්, ඒ සඳහා වැඩිදුර අධ්‍යයනය කළ යුතු බවත්
මා හට වැටහුණි.
ඉතින් කුමක්ද?
මෙම ඉගෙනුම් ඵලය කරා ළඟා වීම සඳහා දින පාසලේ දී
ලද මග පෙන්වීම (ඇමුණුම 1), දින පාසලේ ක්‍රියාකාරකම් සිදු කිරීම, අන්තර්ජාලය
පරිහරණය (ඇමුණුම 2) හා ඉගෙනුම් කළමනාකරණ
පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය (ඇමුණුම 3) මහඟු පිටිවහලක් වූ බව හැඟුණි. ඒ
අනුව මා මෙවැනි අඩු පාඩු හඳුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසලක් තෝරා ගත්
අතර එම පාසලේ ඇති අඩුපාඩු හඳුනා ගැනීමට විදුහල්පති, ගුරුවරුන් හා ශිෂ්‍යයන් සමඟ
සාකච්ඡා සිදු කරන ලද අතර පාසලට ගොස් නිරීක්ෂණය කිරීම සුදුසු බව හැඟුණි. පාසලේ නීති
ක්‍රියාත්මක කිරීමේ දී සිදුවී ඇති අඩුපාඩු හඳුනා ගන්නා ලද අතර ඒවා අතර ගුරුවරුන්ගේ
නිවාඩු ලබා ගැනීම්, ශිෂ්‍යයින් පාසලට නොපැමිණීම, මානව හා භෞතික සම්පත් නිසි ලෙස
කළමනාකරණය නොකිරීම ආදිය ප්‍රධාන ස්ථානයක් ගත් බව හැඟුණි. හඳුනාගත් අඩුපාඩු වලට
හේතු විශ්ලේෂණය කිරීමටත් එම අඩුපාඩු මග හරවා ගැනීම සඳහා උපාය මාර්ග යෝජනා කිරීමටත්
සමපදස්ථයින් සමඟ සාකච්ඡා කළ යුතු බව හැඟුණි.
ඒ අනුව අඩුපාඩු මග හරවා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම මෙන්ම එම ක්‍රියාකාරකම්වල
වගකීම් පැවරීමටත් කටයුතු කළ යුතු බව වැටහුණි.
දැන් කුමක්ද?
ඕනෑම ආයතනයක නීති ක්‍රියාත්මක කිරීමේ දී අඩු පාඩු
ඇතිවන බවත්, පමවතින සීමාකාරී සාධක නිසා ඒවා වඩාත් තීව්‍ර වන බවත් අවබෝධ කර ගත්
අතර, අඩුපාඩු මග හරවා ගැනීමට උපාය මාර්ග අනුගමනය කිරීමට හැකි බවත් අවබෝධ කර ගත් බව
හැඟුණි. මෙහිදී අඩුපාඩු පිළිබඳව හා ගුණාත්මකභාවය පවත්වා ගැනීම පිළිබඳව අදාළ ආයතනයේ
පාර්ශවකරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලිය යුතු බවත්, එහිදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ
හැකි උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතු බවත් අවබෝධ කර ගත් බව වැටහුණි. ඉදිරි රාජකාරි
ජීවිතයේ දී නීති ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන අඩුපාඩු මග හරවා ගත යුතු බවත්, ඒ
සඳහා උපාය මාර්ග අනුගමනය කළ යුතු බවත් වැටහුණි. අධීක්ෂණ කටයුතුවල දී මෙම ඉගෙනුම්
ඵලය අත්පත් කර ගැනීමෙන් ලබා ගත් කුසලතා යොදා ගැනීමටත් ඒ පිළිබඳව මා සමඟ සේවය කරන
නිලධාරීන් දැනුවත් කිරීමටත් හැකිවේ යැයි හැඟුණි.
ඇමුණුම 1 – දින පාසලේදී ලද මග පෙන්වීම
ඇමුණුම 2 – දින පාසලේ කණ්ඩායම් ක්‍රියාකාරකම්
සිදු කිරීම
අධ්‍යාපනයේ සමාජ, ආර්ථික සහ දේශපාලන
සන්දර්භයන්ගෙන් පැන නගින අභියෝග විශ්ලේෂණය කර ඒවා කළමනාකරණය කිරීමට ඔබේ ශිෂ්‍ය
ගුරුවරුන්ට මග පෙන්වීම
කුමක්ද?
අධ්‍යාපන ආයතනයක විශේෂයෙන්ම පාසලක ආර්ථික, සමාජ
හා දේශපාලනික සන්දර්භයන්ගෙන් පැන නගින් අභියෝග හඳුනාගෙන ඒවා ජය ගනිමින් ගුණාත්මකභාවය
පවත්වාගෙන යාම ඉතා වැදගත් බව මා රාජකාරි ජීවිතයේදී ලද අත්දැකීම් මගින් අවබෝධ කරගෙන
සිටි බව හැඟුණි. නමුත් මා විසින් තෝරාගත් පාසලක ගුණාත්මකභාවය පවත්වාගෙන යාම හා
අභියෝග ජය ගැනීම සඳහා පාසලේ සියළුම ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද ඒ
සඳහා මා සතු දැනුම, කුසලතා තවදුරටත් සංවර්ධනය කර ගත යුතු යැයි මා හට හැඟුණි. පාසල පවත්නා තත්ත්වය යටතේ විදුහල්පතිවරයා,
ගුරුවරුන්, සිසුන්, දෙමාපියන් ගේ දෘෂ්ටිකෝණවලින් දැකීම අවශ්‍ය බවත් ඒ සඳහා
තවදුරටත් කුසලතා වර්ධනය කර ගත යුතු බවත් හැඟුණි. මෙම අභියෝග ජය ගැනීම සඳහා තීන්දු
තීරණ ගැනීම, සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහාත් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි හැඟුණි.
ඉතින් කුමක්ද?
දින පාසලේදි ලද මග පෙන්වීම (ඇමුණුම 1) හා දින
පාසලේ දි සිදු කරන ලද කණ්ඩායම් ක්‍රියාකාරකම්වලදී ලබා ගත් දැනුම (ඇමුණුම 2) මගින්
පාසලක ගුණාත්මකභාවයට බලපාන සාධක පිළිබඳව අවබෝධයක් ලද බව හැඟුණි. තවද අන්තර්ජාලය
පරිහරණයෙන් (ඇමුණුම 3) පාසලක ගුණාත්මකභාවය පවත්වාගෙන යාම පිළිබඳව තවදුරටත් අවබෝධයක්
ලබා ගත් බව හැඟුණි. මාගේ රාජකාරි ස්ථානයට ආසන්න පාසලක් මේ පිළිබඳව අධ්‍යයනය කිරීම
සඳහා තෝරා ගැනීම උචිත බව හැඟුණි. ඒ අනුව මා තෝරා ගත් පාසලේ විදුහල්පතිවරයා,
ගුරුවරුන්, සිසුන් හා දෙමාපියන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලින් පාසලේ පවතින අභියෝග
හඳුනා ගන්නා ලදි. එම අභියෝග ප්‍රමුඛතාව අනුව පෙළ ගස්වා එම අභියෝග මග හරවා ගැනීම
සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද පාසල් ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීම උචිත යැයි
හැඟුණි. එමගින් අභියෝග මග හරවා ගැනීමට හා ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම සඳහා උපාය
මාර්ග හඳුනා ගන්නා ලද අතර ඒවා පාසලේ පවතින සම්පත් අනුව ප්‍රමුඛතාගත කිරීම වැදගත්
යැයි හැඟුණි. අවසානයේ එම පාසලේ ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම, ගුරු සංවර්ධනය, සුභ සාධන
සේවා, භෞතික හා මානව සම්පත් කළමනාකරණය, පාසල් කළමනාකරණය, ප්‍රජා සම්බන්ධතා පවත්වා
ගැනීම හා අභ්‍යන්තර අධීක්ෂණය සිදු කිරීම වැනි ක්ෂේත්‍ර යටතේ උපාය මාර්ග හා ක්‍රියාකාරකම්
හඳුනා ගන්නා ලදි. එහිදී ඇතිවිය හැකි ගැටළු අවම කර ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීම
වැදගත් බව හැඟුණි. ඒ අනුව ක්‍රියාකාරකම් හා ඒවායේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක මෙන්ම
එක් එක් ක්‍රියාකාරකම සඳහා වගකීම පිළිබඳවද සටහන් කරමින් ක්‍රියාකාරී සැලැස්මක් සකස්
කරන ලදි.
දැන් කුමක්ද?
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා පාසලේ ඇති
අභියෝග හඳුනා ගැනීම හා ඒවා අවම කරමින් පාසලේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී
සැලැස්මක් සකස් කිරීමේදී ලබා ගත් දැනුම හා කුසලතා ඉදිරියේදී පාසල් හා අධ්‍යාපන
ආයතන සමඟ කටයුතු කිරීමේදී ඉතා වැදගත් වන බව හැඟුණි. එමෙන්ම මෙම ක්‍රියාකාරකම මගින්
පාසලේ සියළු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කිරීම නිසා ගුණාත්මක පාසලක් බවට පත් කර
ගැනීමේ දී ප්‍රායෝගික හා ළුලදායී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට ප්‍රත්‍යක්ෂ වූ
අතර මෙම අත්දැකීම ඉදිරි කටයුතුවලදී යොදා ගැනීමට හැකිවේ යැයි හැඟුණි.
ඇමුණුම 1 - දින පාසලෙන් ලද දැනුම
ඇමුණුම 2 - සමපදස්ථයින් සමඟ කණ්ඩායම් ක්‍රියාකාරකම්
සිදු කිරීම
ඇමුණුම 3 - අන්තර්ජාලය පරිහරණය
ඉගෙනුම් ඵලය - 5
ගුරුවරුන් සවිබලකරණය සඳහා පාසල් පාදක ව්‍යාපෘතිවල
ආකෘති සැකසීමේ හා සංවර්ධනය කිරීමේ කුසලතා විදහා දැක්වීම
කුමක්ද?
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායීව පවත්වාගෙන
යාම සඳහා මහඟු මෙහෙවරක් ඉටු කරන ගුරුවැරුන් සවිබල ගැන්වීම අත්‍යාවශ්‍ය බව රාජකාරි
කටයුතු ඉටු කිරීමේ දි මා හට වැටහුණි. වර්තමාන ආර්ථික, සමාජයීය හා දේශපාලන අභියෝග
හමුවේ ගුරුවරුන්ට මුහුණ දීමට ඇති අභියෝග අතිමහත් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දීම
සඳහා ගුරුවරුන් සවිබල ගැන්වීම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය නිපුණතා තවදුරටත් වර්ධනය
කර ගත යුතු යැයි හැඟුණි.
ඉතින් කුමක්ද?
දින පාසලේ දී ලද දැනුම (ඇමුණුම 1), අනුව
ගුරුවරුන් විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සවිබල ගැන්විය යුතු බව හැඟුණි. මෙහිදී ගුරුවරයාගේ
වෘත්තීය කුසලතා මෙන්ම ආකල්පමය වශයෙන්ද සවිබල ගැන්විය යුතු බව සමපදස්ථයන් සමඟ කරන ලද
සාකච්ඡාවල දී (ඇමුණුම 2) වැටහුණි. ගුරුවරුන් සවිබල ගැන්වීම පිළිබඳ ඉගෙනුම්
කළමනාකරණ පද්ධතියේ ඇති ඉගෙනුම් සම්පත් පරිහරණයෙන් (ඇමුණුම 3) හා අන්තර්ජාල පරිශීලනයෙන්
ද දැනුවත්වූ බව හැඟුණි. රටෙහි පැවති කොවිඩ් තත්ත්වය හා අර්බුදකාරී තත්ත්වය නිසා
අඛණ්ඩව ගුරුවරුන් සවිබල ගැන්වීම අත්‍යාවශ්‍ය කර්තව්‍යයක් බව මා හට හැඟුණි. මෙම ඉගෙනුම්
ඵලය අත්පත් කර ගැනීමෙන් ඒ සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා යම්තාක් දුරට අත්පත් කර ගත්
බව වැටහුණි.
දැන් කුමක්ද?
විසි එක්වන සියවසට සරිලන ලෙස ඉගෙනුම් ඉගැන්වීම්
ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා මෙන්ම වර්තමානයේ පවතින අභියෝග ජය ගැනීම සඳහා
ගුරුවරුන් සවිබල ගැන්වීම අත්‍යාවශ්‍ය බවත්, මෙම ඉගෙනුම් ඵලය අත්පත් කර ගැනීමෙන්
පසුව මාද ඒ සඳහා අවශ්‍ය කුසලතා ලබා ගත් බවත් හැඟුණි. ඒ අනුව පාසල් පාදක ගුරු වෘත්තීය
සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව පාසල්වල ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේ දී දායක වීමට මා
හටද හැකියාවක් ඇති බව වැටහුණි. ඉදිරියේ දී අප ශාඛාව විසින් ක්‍රියාත්මක කරනු ලබන
ගුරු පුහුණු වැඩසටහන්වල දී විෂය සංවර්ධනයට අමතරව ගුරුවරුන්ගේ මෘදු කුසලතා, තාක්ෂණය
හා ආකල්පමය වශයෙන් ද සවිබල ගැන්වීම සඳහා වැඩි කාලයක් වෙන් කළ යුතු යැයි හැඟුණි.
අධ්‍යාපන නිලධාරීන් සඳහා පවත්වනු ලබන වැඩසටහන්වලදී ද මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත්
කිරීමට අධිෂ්ඨාන කර ගතිමි.
ඇමුණුම 1- දින පාසලේ දී කණ්ඩායම් ක්‍රියාකාරකම්වල
යෙදීම





















No comments:
Post a Comment