මුල් පිටුව

ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයෙකු ලෙස (STP9545)


ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයෙකු ලෙස (STP9545)

 ඉගෙනුම් ඵලය 1

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමට සුදුසු ගැටළුවක් හඳුනා ගැනීම

කුමක්ද?

මාගේ විද්‍යාවේදී හා විද්‍යාපති උපාධිවලට විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදු කර තිබුණ ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණයක් සිදු කිරීමට අවස්ථාව නොලැබීම නිසා මා හට එම අත්දැකීම් නොමැති බව වැටහුණි. විශේෂයෙන්ම ගුණාත්මක පර්යේෂණවල යෙදීමට මා හට ඇති දැනුම හා කුසලතා මද බව අවබෝධ විණි. එබැවින් පර්යේෂණ සිදු කිරීම සඳහා ගැටළුවක් තෝරා ගැනීම ඉතා අමාරු කරුණක් බව මා හට හැඟුණි. මා හට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළුවක් තෝරා ගැනීම සඳහා ඒ පිළිබඳව අත්දැකීම් හා දැනුම ලබා ගත යුතු බව හැඟුණි.

ඉතින් කුමක්ද?

2023.07.09 දින පාසලේදී  (ඇමුණුම 1) කථිකාචාර්යවරයා විසින් පර්යේෂණයක් යන්නෙහි නිර්වචනය හා පර්යේෂණයක පියවර පිළිබඳව කරන ලද සාකච්ඡාවෙන් පසු ඒ පිළිබඳව තවදුරටත් ගවේෂණය කිරීමට අවශ්‍ය බව හැඟුණි. එමෙන්ම පර්යේෂණයක මූලික පියවර ගැටළුවක් හඳුනා ගැනීම බව දී ඇති සම්පත් ද්‍රව්‍ය අධ්‍යයනයෙන් (ඇමුණුම 2) මා හට හැඟුණි. දින පාසලේ දී කණ්ඩායම් ක්‍රියාකාරකම්වල දී  ඇති සිද්ධිය අධ්‍යයනයෙන් අනතුරුව සැබෑ ගැටළු හඳුනා ගැනීමටත් එම ගැටළු විශ්ලේෂණය කිරීමටත් හැකිවූ බව හැඟුණි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ සාකච්ඡා මණ්ඩපයෙන් (ඇමුණුම 3) හා අන්තර්ජාලය පරිශීලනයෙන් (ඇමුණුම 4) තවදුරටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළුවල සැබෑ ස්වරූපය හඳුනා ගැනීමටත්, ඒවා සඳහා ඇති විසදුම් හඳුනා ගැනීමටත්, වඩාත්ම ප්‍රායෝගික විසදුම තොරා ගැනීම පිළිබඳවත් යම් දැනුමක් ලද බව හැඟුණි. නමුත් මෙම ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් යෙදවූයේ නම් මීට වඩා ඵලදායී ලෙස අධ්‍යයන කටයුතු සිදු කිරීමට හැකිව තිබූ බව වැටහුණි.

දැන් කුමක්ද?

දින පාසලේදී, සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් හා අන්තර්ජාලය පරිශීලනයෙන් ලද දැනුම හා කුසලතා නිසා නිවැරදි ලෙස පර්යේෂණ කිරීමට සුදුසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළුවක් හඳුනා ගැනීමටත්, එම ගැටළුවෙහි පසුබිම හඳුනා ගැනීමට සහ එය ඇති වීමට හේතු හඳුනා ගැනීමට මා හට හැකියාවක් ඇතැයි හැඟුණි. එමෙන්ම හඳුනාගත් ගැටළුවට විසදුම් සෙවීම සඳහා පර්යේෂණයක් සැලසුම් කර ගන්නා ආකාරය පිළිබඳවත් යම් දැනුමක් මා ලබා ගත් බව හැඟුණි. මෙම පාඨමාලාවේ පළමුවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා ලබා ගත් බවත්, එම දැනුම ඉදිරියේ දී රාජකාරි කටයුතු වලදී යොදා ගත හැකි බවත් මා හට හැඟුණි. ඒ අනුව කුඩ පරිමාණ ව්‍යාපෘතිය සඳහා අධ්‍යාපන පද්ධතියේ ගැටළුවක් ලෙස ගුරුවරුන් නිවාඩු ලබා ගැනීම නිසා පාසලට නොපැමිණීම හඳුනා ගත යුතු බව හැඟුණි.

ඇමුණුම 1- දින පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගී වීම


ඇමුණුම 2 - සම්පත් ද්‍රව්‍ය පරිහරණය





ඇමුණුම 3 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ සාකච්ඡා මණ්ඩපය භාවිතය




 ඇමුණුම 4 - අන්තර්ජාලය පරිහරණය


ඉගෙනුම් ඵලය 2

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමට සුදුසු සිද්ධීන්/ගැටළුවලට අදාළව සම්මත ක්‍රම භාවිතයෙන් සාහිත්‍ය විමර්ශන සිදු කිරීම

කුමක්ද?

පශ්චාත් උපාධියෙන් පසු පර්යේෂණයක නියැලී නොතිබුණු බැවින් සාහිත්‍ය විමර්ශනය සිදු කරන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් මා තුළ නොතිබූ බව හැඟුණි. නමුත් නිවැරදිව සාහිත්‍ය විමර්ශනය සිදු කරන ආකාරය පිළිබඳව දැනුම ලබා ගැනීම පර්යේෂණ වාර්තාවක් සකස් කිරීමේ දී අත්‍යාවශ්‍ය බව වැටහුණි. සාහිත්‍ය විමර්ශනයක් සිදු කිරීමේ අරමුණු හා එය සිදු කරන විද්‍යාත්මක ක්‍රමය පිළිබඳව මා හට නිවැරදි දැනුමක් නොමැති බවත්, එය ඉතා අසීරු ක්‍රියාවක් බවත් මා හට හැඟුණි. ඉතා කෙටි කාලයක් තුළ දී සාහිත්‍ය විමර්ශනයක් කිරීම ඉතා අසීරු බවත් මා හට හැඟුණි.

ඉතින් කුමක්ද?

2023.07.09 දින පාසලේදී ලද දැනුම (ඇමුණුම 1) අනුව සාහිත්‍ය විමර්ශනයක් යනු කුමක්ද? සහ එහි ඇති වැදගත්කම පිළිබඳව මා හට හොඳින් වැටහුණු බව හැඟුණි. සාහිත්‍ය විමර්ශනය සිදු කිරීමට පෙර ඒ සම්බන්ධ සංකල්ප සිතියමක් සකස් කිරීම හා ඒ මත සාහිත්‍ය විමර්ශනය කිරීමේ වැදගත්කම වැටහුණි. මෙහිදී ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය (ඇමුණුම 2) හා අන්තර්ජාලය පරීශීලනයෙන් (ඇමුණුම 3) ලද දැනුම ඉවහල්වූ බව හැඟුණි. සාහිත්‍ය විමර්ශනයේ දී ප්‍රථමයෙන්ම න්‍යායාත්මක පදනම පිළිබඳවත්, දෙවනුව ආනුභවික විමර්ශනයත් සිදු කළ යුතු බව දින පාසලේදී කථිකාචාර්යවරයාගෙන් ඉගෙන ගත් බව හැඟුණි. සාහිත්‍ය විමර්ශනයෙ දී මූලාශ්‍ර තෝරා ගැනීමේ දී මෑත කාලීන මූලාශ්‍ර සඳහා ප්‍රමුඛත්වය ලබා දීම හා ඒවායේ ඇති අදහස් විවේචනාත්මක ලෙස විශ්ලේෂණය කිරීම වැදගත් බවත් වැටහුණි. තවද සාහිත්‍ය විමර්ශනය සඳහා ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවත්, වඩා හොඳ සාහිත්‍ය විමර්ශනයක් සිදු කිරීමට වැඩි කාලයක් යෙදවිය යුතු බවත් වැටහුණි. පළමුවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සිදු කිරීමේ දී මා තෝරා ගත් ගැටළුව සඳහා සාහිත්‍ය විමර්ශනය කිරීම ඉතා වගකීමෙන් සිදු කළ යුතු බවත් හැඟුණි.

දැන් කුමක්ද?

සිදු කරන ලද අධ්‍යයනවලින් සාහිත්‍ය විමර්ශනය පිළිබඳව යම් කිසි දැනුමක් ලද බව හැඟුණි. ලබාදී ඇති කෙටි කාල සීමාව තුළදී හැකි උපරිම ආකාරයෙන් සාහිත්‍ය විමර්ශනයේ යෙදීමටත්, සමපදස්ථයින්ගෙන් ලද සහායෙන් සාහිත්‍ය විමර්ශනය යම්තාක් සාර්ථකව සිදු කිරීමට හැකි බවත් හැඟුණි. ඉදිරියේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන ලබන පර්යේෂණ යෝජනා හා වාර්තා ලිවීමේ දී වඩාත් හොඳින් සාහිත්‍ය විමර්ශනයේ යෙදීමටත් ඒ පිළිබඳ දැනුම මාගේ සමපදස්ථයින්ට ලබා දීමට හැකියාවක් මා හට ඇති බවනත් හැඟුණි.

ඇමුණුම 1 - දින පාසලෙන් ලද දැනුම




ඇමුණුම 2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය




 ඇමුණුම 3 - අන්තර්ජාලය පරිශීලනය


ඉගෙනුම් ඵලය 3

හඳුනාගත් පර්යේෂණ ගැටළුව අධ්‍යයනයට යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම් හා ක්‍රම තෝරා ගැනීම

කුමක්ද?

මා විසින් හදාරන ලද විද්‍යාවේදී හා විද්‍යාපති උපාධිවල දී පර්යේෂණ සිදු කර තිබුණ ද පර්යේෂණ පිළිබඳ න්‍යායාත්මක කරුණු පිළිබඳ මාගේ දැනුම මද බව හැඟුණි. මෙම පාඨමාලාවේ පර්යේෂණ සිදු කිරීම සඳහා ඊට අදාළ ගැටළුව තෝරාගෙන තිබුණ ද එම අධ්‍යයනය සඳහා යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම තෝරා ගැනීම මා හට ගැටළුවක්ව තිබුණු බව හැඟුණි.

ඉතින් කුමක්ද?

දින පාසලේ දී කථිකාචාර්යවරයාගේ දේශනයෙන් හා කණ්ඩායම් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් හා කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කර දින පාසලේ දී ඉදිරිපත් කිරීමේ දී   කථිකාචාර්යවරයාගේ ප්‍රතිපෝෂණ මත පිරිසැලසුම් ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගත් බව හැඟුණි. තව ද පර්යේෂණ සිදු කිරිම සම්බන්ධයෙන් පළ කර ඇති ග්‍රන්ථ පරිශීලනයෙන්, අන්තර්ජාලය පරිශීලනයෙන් ද (ඇමුණම 1), ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් (ඇමුණුම 2) හා  සාකච්ඡා මණ්ඩපවලට සහභාගී වීමෙන් (ඇමුණුම 3) පර්යේෂණ පිරිසැලසුම් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නා ලද බව වැටහුණි. ඒ අනුව මා තෝරා ගත් පාසල්වල ජ්‍යෙෂ්ඨ ද්විතියික ශ්‍රේණිවල ගුරුවරුන් නිවාඩු ලබා ගැනීම සඳහා බලපාන සාධක අනාවරණය කර ගැනීම සඳහා සිදු කිරීමට නියමිත අධ්‍යයනයේ දී යොදා ගැනීමට ක්‍රෙස්වෙල්ගේ පිරිසැලසුම් අතුරින් මිශ්‍ර පිරිසැලසුම යොදා ගත යුතු බවත්, එහිදී ලබා ගන්නා ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කර එකිනෙක සම්බන්ධ කර අර්ථකථනය ලබා දිම සුදුසු බව හැඟුණු අතර, ඒ සඳහා අභිසාරී සමාන්තර මිශ්‍ර පිරිසැලසුම යොදා ගත යුතු බව වැටහුණි.

දැන් කුමක්ද?

මාගේ පර්යේෂණ ගැටළුව අධ්‍යයනය කිරීම සඳහා යෝග්‍ය පිරිසැලසුම තෝරා ගැනීමට මා හට දැන් අභියෝගයක් නොවන බව හැඟුණි. ඒ අනුව මා ලබා ගත් දැනුම මාගේ රාජකාරී කටයුතුවල දී සිදු කරන පර්යේෂණවල දී යොදා ගැනීමටත්, රාජකාරි ස්ථානයේ සේවය කරනු ලබන අනෙකුත් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටත් මා හට හැකි බව හැඟුණි.

ඇමුණුම 1 - අන්තර්ජාලය පරිශීලනය


ඇමුණුම 2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය


ඇමුණුම 3 - සාකච්ඡා මණ්ඩපයට සහභාගි වීම



 ඉගෙනුම් ඵලය 4

අධ්‍යායනය සඳහා විස්තරාත්මක කාර්යය සැලසුමක් ඇතුළත්ව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම

කුමක්ද?

පර්යේෂණයක් සිදු කිරීමට පෙර විස්තරාත්මක කාර්ය සැලසුමක් ඇතුළත් කරන ලද පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම අත්‍යාවශ්‍ය හා වැදගත් අංගයක් බව වටහා ගෙන තිබුණ ද, අධ්‍යාපන පද්ධතිය සම්බන්ධව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම සඳහා තව දුරටත් දැනුම ලබා ගත යුතු බව හැඟුණි.

ඉතින් කුමක්ද?

දින පාසලේ දී කථිකාචාර්යවරයා විසින් පර්යේෂණ යෝජනාවක අංග පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, ඒ පිළිබඳව මනා දැනුමක් ලද බව හැඟුණි. පර්යේෂණ යෝජනා පිළිබඳ ග්‍රන්ථ පරිශීලනයෙන්, ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් (ඇමුණුම 1) හා අන්තර්ජාලය පරිශීලනයෙන් (ඇමුණුම 2) වැඩිදුරටත් දැනුම ලබා ගත් බව හැඟුණි. පර්යේෂණයක් සාර්ථකව සිදු කිරීමට නම් ඒ සඳහා විස්තරාත්මක සැලැස්මක් සකස් කළ යුතු බව පර්යේෂණ යෝජනා පිළිබඳ  අධ්‍යයනයේ දී හා සමපදස්ථ සාකච්ඡාවලින් හැඟුණි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සාකච්ඡා මණ්ඩලයට සහභාගී වීමෙන් (ඇමුණුම 3) තවදුරටත් දැනුම ලබා ගත් බව හැඟුණි. ඒ අනුව හැඳින්වීම, සාහිත්‍ය විමර්ශනය, ක්‍රමවේදය හා විස්තරාත්මක සැලසුමක් සහිතව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීමට හැකිවූ බව හැඟුණි. පර්යේෂණ ගැටළුව හඳුනා ගැනීම, සාහිත්‍ය විමර්ශනය, ක්‍රමවේදය තීරණය කිරීම, දත්ත් රැස් කිරීමේ උපකරණ සකස් කිරීම, දත්ත රැස් කිරීම, විශ්ලේෂණය, සාකච්ඡාව, නිගමන හා යෝජනා ඉදිරිපත් කිරීම යන ක්‍රියාකාරකම් ඇතුළත් කර කාල රාමුව ද සහිතව සකස් කළ යුතු බව හැඟුණි.

දැන් කුමක්ද?

මාගේ පර්යේෂණය වන පාසලේ ජ්‍යෙෂ්ඨ ද්විතියික ශ්‍රේණිවල ගුරුවරුන් නිවාඩු ලබා ගැනීමට බලපාන සාධක යටතේ පර්යේෂණ යෝජනාවක්, විස්තරාත්මක සැලැස්මක් සහිතව සාර්ථක ලෙස සකස් කිරීමට හැකිවූ බව හැඟුණි. මාගේ රාජකාරි ජීවිතයේදී සිදු කරන ඕනෑම පර්යේෂණයක් සදහා යෝජනා සකස් කිරීමට මා හට දැන් හැකියාවක් ඇතැයි හැඟුණි. මෙම හැකියාව මාගේ රාජකාරි ජීවිතය සාර්ථක කර ගැනීමටත්, මා සමඟ සේවය කරන නිලධාරීන්ට ද ඒ පිළිබඳව දැනුම ලබා දීමටත් අධිෂ්ඨාන කර ගතිමි.

ඇමුණුම 1 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය



ඇමුණුම 2 - අන්තර්ජාලය පරිශීලනය


ඇමුණුම 3 - සාකච්ඡා මණ්ඩපයට සහභාගී වීම




ඉගෙනුම් ඵලය 5

අධ්‍යයනයට අදාළව දත්ත රැස් කිරීම, විශ්ලේෂණය, අර්ථකථනය හා සාකච්ඡා කිරීම

කුමක්ද?

පර්යේෂණ අධ්‍යයනයක දී දත්ත රැස් කිරීම, විශ්ලේෂණය, අර්ථකථනය හා සාකච්ඡා කිරීම පර්යේෂණයක සාර්ථකත්වය සඳහා ඉතාමත්ම වැදගත් වන බව මා අත්දැකීමෙන් දැන සිටි බව හැඟුණි. නමුත් දත්ත රැස් කිරීම හා දත්ත විශ්ලේෂණය පිළිබඳව වැඩිදුරටත් දැනුවත් විය යුතු යැයි හැඟුණි. එමෙන්ම අනාවරණය කර ගත් තොරතුරු අර්ථකථනය හා සාකච්ඡා කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් ඒ සඳහා නිපුණතාව ලබා ගත යුතු යැයි හැඟුණි.

ඉතින් කුමක්ද?

දින පාසලේ දී දත්ත රැස් කිරීම පිළිබඳව මනා අවබෝධයක් කථිකාචාර්යවරයා විසින් ලබා දෙන ලද බව  හැඟුණි. එහි දී දත්ත රැස් කිරීමේ උපකරණ වර්ග ලෙස ප්‍රශ්නාවලි, සම්මුඛ සාකචඡා, නිරීක්ෂණ ෂෙඩුල පිළිබඳව හා ඒවා පර්යේෂණයේ අරමුණුවලට අදාළව සකස් කර ගන්නා ආකාරය පිළිබඳව සහ පර්යේෂණයේ අරමුණුවලට අදාළ කර ගන්නා ආකාරය පිළිබඳව පර්යේෂණ වාර්තා, ග්‍රන්ථ පරිශීලනයෙන් වැඩිදුරටත් දැනුවත් වූ බව හැඟුණි. දත්ත විශ්ලේෂණය පිළිබඳව සමපදස්ථ සාකච්ඡා මගින්  දැනුම වර්ධනය කර ගත් බව හැඟුණි. දත්ත විශ්ලේෂණය සඳහා සකස් කර ඇති සංඛ්‍යාන පැකේජ භාවිතය පිළිබඳව දැනුම ලබා ගැනීම සදහා අන්තර්ජාලය භාවිත කළ යුතු  බව හැඟුණි. (ඇමුණුම 2) මාගේ පර්යේෂණයට අදාළව විදුහල්පතිවරුන් සදහා ප්‍රශ්නාවලියක් ද, ගුරුවරුන් සඳහා google form සහ සම්මුඛ සාකච්ඡා ෂෙඩුලයක් සකස් කළ යුතු බව හැඟුණි. තව ද, කාලය සීමිත වීම නිසා මා රැස් කරගත් දත්ත Ms Excel මෘදුකාංගය භාවිතයෙන් (ඇමුණුම 3) ප්‍රතිශත හා මධ්‍යන්‍ය ලෙස විශ්ලේෂණය කර වගු හා රූප සටහන් මගින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව හැඟුණි. අර්ථකථනය හා සාකච්ඡාව පිළිබදව අදාළ ග්‍රන්ථ පරිශීලනයෙන් නිපුණතාවක් ලද බව හැඟුණි.

ඉතින් කුමක්ද?

මාගේ පර්යේෂණය සඳහා දත්ත රැස් කිරීමේ උපකරණ සකස් කිරීමට, දත්ත විශ්ලේෂණය සඳහා මෘදුකාංග භාවිතයට හා වගු හා රූප සටහන් මගින් තොරතුරු ඉදිරිපත් කිරීමට මා හට දැන් හැකියාවක් ඇතැයි හැඟුණි. ලබා ගත් දැනුම තවදුරටත් වර්ධනය කර ගැනිම සඳහා ඉදිරියේ දී මාගේ විෂය පථයට අදාළ පර්යේෂණයක් සිදු කිරීමටත්. සාර්ථකව දත්ත රැස් කිරීම, විශ්ලේෂණය, අර්ථකථනය හා සාකච්ඡා කිරීමටත් අධිෂ්ඨාන කර ගතිමි.

ඇමුණුම 1 - අන්තර්ජාලව පරිශීලනය


ඇමුණුම 2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය භාවිතය


ඇමුණුම 3 - දත්ත විශ්ලේෂණය



ඉගෙනුම් ඵලය 6

පර්යේෂණ අධ්‍යයනයට අදාළව අනාවරණ වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම

කුමක්ද?

පර්යේෂණයක් සිදු කිරීමේ දී දත්ත විශ්ලේෂණය කර ලබා ගත් තොරතුරු මත අනාවරණ වාර්තා කිරීම ඉදිරිපත් කිරීම සඳහා මා සතු දැනුම ප්‍රමාණවත් නොවන බව හා තවදුරටත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බවටත් හැඟුණි. මා මීට පෙර මාගේ ක්ෂේත්‍රයට අදාළව පර්යේෂණවල යෙදී තිබුණ ද, ඒවා බොහෝ විට ප්‍රමාණාත්මක දත්ත රැස් කීරීම සිදු කළ පර්යේෂණ බැවින් අනාවරණ වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම අභියෝගයක් නොවු බව හැඟුණි. නමුත් මෙම පාඨමාලාවේ දි අධ්‍යාපන පද්දතියට අදාළ පර්යේෂණක නිරත වීමේ දි ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක දත්ත විශ්ලේෂණය හා අනාවරණය කර ගත් තොරතුරු වාර්තා කිරීම සාපේක්ෂව අසීරු බව හැඟුණි. 

ඉතින් කුමක්ද?

දින පාසලේ දී ලද දැනුමෙන්  හා ග්‍රන්ථ පරිශීලනයෙන්, ඉගෙනුම් කළමනාකරන පද්දතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිහරණය (ඇමුණුම 1)  හා අන්තර්ජාලය පරිශීලනයෙන් (ඇමුණුම 2)  ලද අධ්‍යනයෙන් අනාවරණ වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ලද බව හැඟුණි. සමපදස්ථ සාකච්ඡා මගින් ද  එම දැනුම තවදුරටත් තහවුරු කර ගත් බව හැඟුණි. ඒ අනුව ගුණාත්මක පර්යේෂණවල දී අනාවරණ වාර්තා කිරීම තරමක් දුරට අසීරු වුවත් ඒ සඳහා අවශ්‍ය කුසලතා ලබා ගත් බව හැඟුණි. එමෙන්ම පර්යේෂණ අධ්‍යනයකින් පසුව නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳව සමපදස්ථ සාකච්ඡා මගින් මා තුළ තිබූ ගැටළු මග හරවා ගැනීමට හැකිවූ බව හැඟුණි.

දැන් කුමක්ද?

පර්යේෂණයක දී අනාවරණ වාර්තා කිරීමට හා නිර්දේශ ඉදිරිපත් කිරීමට මා තුළ යම් කුසලතාවක් වර්ධනයවී ඇති බව හැඟුණි. එබැවින් මෙම පාඨමාලාව සඳහා මා විසින් සිදු කරන ලද පර්යේෂණයේ දී පහසුවෙන් අනාවරණ ඉදිරිපත් කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට (ඇමුණුම 3) මා හට හැකිවූ බව හැඟුණි. ඉදිරියේ දි මා විසින් රාජකාරියට අදාළව තාක්ෂණවේදය විෂය ධාරාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිදු කිරීමට සැලසුම් කර ඇති පර්යේෂණයේ අනාවරණ සාර්ථකව වාර්තා කීරීමට හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි හැඟුණි. තවද, මාගේ විෂයට අදාළව ගුරුවරුන් සිදු කරනු ලබන පර්යේෂණවල දී ඒ සදහා ඔවුනට අවශ්‍ය දැනුම ලබා දීමට ද මා හට දැන් හැකියාවක් ඇතැයි හැඟුණි.

ඇමුණුම 1 -  ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිහරණය


ඇමුණුම 2 - අන්තර්ජාලය පරිහරණය



ඇමුණුම 3 - සිදු කරන ලද පර්යේෂණය සඳහා නිර්දේශ ලබා දීම




ඉගෙනුම් ඵලය 7

සම්මත ආකාරයට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය පිළියෙල කිරීම ‍

කුමක්ද?

 මීට පෙර පර්පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ දී පර්යේෂණ වාර්තා සකස් කර තිබුණ ද ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලි සකස් කිරීම පිළිබඳ මා තුළ තිබූ දැනුම යාවත් කාලීන වී නොතිබූ බව මා හට හැඟුණි. කුඩා පරිමාණ ව්‍යාපෘතිවලදී ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලි සකස් කර තිබූ නමුත් ඒවායේ අඩු පාඩු පිළිබඳ කථිකාචාර්යවරුන් නිරන්තරයෙන්ම පෙන්වා දී තිබුණ ද, ඒ පිළිබඳ නිවැරදි වැටහීමක් මා තුළ නොතිබූ බව වැටහුණි. ඒ අනුව තවදුරටත් ග්‍රන්ථ නාමාවලි සකස් කිරීම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව මා හට හැඟුණි.

ඉතින් කුමක්ද?

දින පාසලේ දී (ඇමුණුම 1) කථිකාචාර්යවරයා විසින් නිදසුන් සහිතව ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලි සකස් කරන ආකාරය පිළිබඳ පැහැදිළි කරන ලද බැවින් ඒ පිළිබඳ යම් අවබෝධයක් ලද බව හැඟුණි. ඒ අනුව එක් කර්තෘ කෙනෙක් ඇති විට, කර්තෘන් කිහිප දෙනෙක් ඇති විට, ජර්නලයකින් ලිපියක් පරිශීලනය කර විට හා අන්තර්ජාලය පරිශීලනය කර විට ග්‍රන්ථ නාමාවලිය සකස් කරන ආකාරය පිළිබඳව සම්පත් ද්‍රව්‍ය අධ්‍යයනය කිරීමෙන් (ඇමුණුම 2) අවබෝධයක් ලද බව හැඟුණි. දින පාසලේ දී දෙන ලද කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් තව දුරටත් ග්‍රන්ථ නාමාවලි සකස් කිරීම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගත් ‍බව හැඟුණි. අන්තර්ජාලය භාවිතයෙන්ද (ඇමුණුම 3) තවදුරටත් ග්‍රන්ථ නාමාවලි සකස් කිරීම පිළිබඳ දැනුම පුළුල් කර ගත් බව හැඟුණි. නාමාවලි සකස් කිරීමේ දී ආකරාදී පිළිවෙලට සකස් කළ යුතු බවත් දින පාසලේදී ලද දැනුමෙන් තහවුරුවූ බව හැඟුණි.

දැන් කුමක්ද?

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලි සකස් කිරීම පිළිබඳ මෙම පාඨමාලාව හැදෑරීමෙන් ලද දැනුම පළමුවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සිදු කිරීමේ දී ඉතා වැදගත්වූ බව හැඟුණි. පර්යේෂණ සිදු කිරීමේ දි මෙම දැනුම යොදා ගැනීමටත් හැකියාවක් ඇති බව හැඟුණි. අන්තර්ජාලය හා පුස්තකාලය පරිශීලනයෙන් සොයා ගත් පර්යේෂණ ‍වාර්තා, ලිපි ආදිය නිවැරදිව අධ්‍යයනය කර ඒවා සුදුසු පරිදි නාමාවලියට යෙදිය යුතු බව වැටහුණි. ඒ අනුව රාජකාරි ජීවිතයේ දී සිදු කරනු ලබන පර්යේෂණ වාර්තා හා යෝජනාවලට AP7 ආකෘතියට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලි සකස් කර ඇතුළත් කිරීමටත් ඒ පිළිබඳ දැනුම සමපදස්ථයන්ට ලබා දීමටත් හැකියාවක් ඇතැයි හැඟුණි.

ඇමුණුම 1 - දින පාසලේදී ලද දැනුම


ඇමුණුම 2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය 


ඇමුණුම 3 - අන්තර්ජාලය පරිශීලනය 


ඉගෙනුම් ඵලය 8

අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධි/ගැටළු සඳහා පර්යේෂණ සැලසුම් නිර්මාණය කිරීම

කුමක්ද?

අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධි/ගැටළු සඳහා පර්යේෂණ සැලසුම් සකස් කිරීම මා හට නිරතුරුව සිදු කිරීමට සිදු වන බැවින් ඒ සම්බන්ධ යම් දැනුමක් මා තුළ ඇති බව හැඟුණි. නමුත් තවදුරටත් එම දැනුම වර්ධනය කර ගත යුතු බවත් මෙම පාඨමාලාව ඒ සඳහා මහඟු අවස්ථාවක් බවත් හැඟුණි.

 ඉතින් කුමක්ද?

පර්යේෂණ සැලසුමක් සකස් කිරීම පිළිබඳව දින පාසලෙන් ලද දැනුම  හා අන්තර්ජාලය පරිශීලනයෙන් ලද දැනුම (ඇමුණුම 1) හා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් (ඇමුණුම 2) ලද දැනුම ඉතා වැදගත්වූ බව හැඟුණි. සාර්ථක පර්යේෂණයක් සිදු කිරීමට නිවැරදි කාල රාමුවක් සහිත සැලසුමක් ඉතාමත් අත්‍යාවශ්‍ය බවත් එය පර්යේෂණයේ යෙදීමේ දි ඇතිවන අභියෝග මග හරවා ගැනිමට සහ කාල කළමනාකරණය සඳහාත් ඉතාමත් වැදගත් වන බව හැඟුණි. ඒ අනුව ලබා ගත් දැනුම හා කුසලතා යොදා ගනිමින් මාගේ පර්යේෂණය සඳහා සැලැස්මක් සකස් කරන ලද අතර එය භාවිතයෙන් පර්යේෂණය සිදු කිරීම පහසු වන බව හැඟුණි.

දැන් කුමක්ද?

මෙම පාඨමාලාවේ පර්යේෂණ කටයුතු සඳහා මා විසින් සකස් කරන ලද පර්යේෂණ සැලසුම (ඇමුණුම 3) පර්යේෂණ සාර්ථක කර ගැනිම සඳහා මනා පිටිවහලක් වූ බව හැඟුණි. මෙම පාඨමාලාව හැදෑරීමෙන් ලබා ගත් දැනුම මාගේ ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා යොදා ගැනිමටත්, මාගේ විෂයට අදාළ ගුරුවරුන් පර්යේෂණ සිදු කිරීමේ දී සැලසුම් සකස් කිරීම පිළිබඳව දැනුවත් කිරීමටත් මා හට දැන් හැකියාවක් ඇති බව හැඟුණි. ඉදිරි රාජකාරි ජීවිතයේ දි පර්යේෂණ සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් මා ලද දැනුම මාගේ ඉදිරි රාජකාරි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා භාවිත කිරීමට අධිෂ්ඨාන කර ගතිමි.

ඇමුණුම 1 - අන්තර්ජාලය පරිහරණය

ඇමුණුම 2 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිහරණය


ඇමුණුම 3 -  පර්යේෂණය සඳහා සකස් කළ සැලසුම




ඉගෙනුම් ඵලය 9

පර්යේෂණ පවත්වා නිර්දේශ හා නිගමන ඉදිරිපත් කිරීම

කුමක්ද?

පර්යේෂණයක නිගමන සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මා හට අභියෝගයක් බව අත්දැකීමෙන් දැන සිටියෙමි. නිගමන හා නිර්දේශ ඉදිරිපත් කිරීම මත පර්යේෂණ වාර්තාව බොහෝ දුරට රඳා පවතින බව මා හට අවබෝධයක් තිබූ බව හැඟුණි. එබැවින් සාර්ථක ලෙස යෝජනා හා නිගමන ඉදිරිපත් කිරීම පිළිබඳව දැනුම ලබා ගත යුතු බව හැඟුණි.

ඉතින් කුමක්ද?

දින පාසලේ දී ලද දැනුම, ග්‍රන්ථ පරිශීලනයෙන් ලද දැනුම, ඉගෙනුම් කළමනාකරන පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිහරණය (ඇමුණුම 1) හා අන්තර්ජාල පරිශීලනයෙන් ( ඇමුණුම 2) ලද දැනුමෙන් මා හට නිගමන හා නිර්දේශ ඉදිරිපත් කිරීමට යම් කිසි කුසලතාවක් ලද බව හැඟුණි. නිගමන ඉදිරිපත් කිරීමේ දී පර්යේෂණයේ අරමුණු අනුව නිගමන ඉදිරිපත් කිරීමටත්, අනාවරණය කර ගත් තොරතුරු මත නිගමන ඉදිරිපත් කර යුතු බවටත් වටහා ගත් බව හැඟුණි. යෝජනා ඉදිරිපත් කිරීමේදී ද අප හඳුනාගත් අරමුණුවලට අදාළව යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව හැඟුණි.

දැන් කුමක්ද?

මාගේ පර්යේෂණය වන පාසල්වල ජ්‍යෙෂ්ඨ ද්විතියික ශ්‍රේණිවල ගුරුවරුන් නිවාඩු ලබා ගැනීමට බලපාන සාධක යන අධ්‍යයනය සිදු කර අනාවරණය කරගත් තොරතුරු මත අරමුණුවලට අදාළව නිගමන හා යෝජනා ඉදිරිපත් කිරීමට (ඇමුණුම 3) මා හට හැකිවූ බව හැඟුණි. ඉදිරියේ දී ගුරුවරුන් සමඟ සිදු කරන පර්යේෂණ කාර්යයේ දි හා මා සමඟ රාජකාරි සිදු කරන නිලධාරීන්ට ද මා ලබා ගත් දැනුම ලබා දිමට හැකිවේ යැයි හැඟුණි. මා ඉදිරියේ දී සිදු කිරීමට විෂය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ පර්යේෂණවලට මෙම ඉගෙනුම් ඵලය අත් පත් කර ගැනීමෙන් ලද දැනුම යොදා ගැනීමට අධිෂ්ඨාන කර ගතිමි.

 

ඇමුණුම 1 - ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනය


ඇමුණුම 2 - අන්තර්ජාලය පරිහරණය



ඇමුණුම 3 - සිචදු කළ පර්යේෂණයේ නිගමන ඉදිරිපත් කිරීම







No comments:

Post a Comment

මුල් පිටුව

  ඉගෙනුම පිළිබඳ කාර්ය සාධන ගොනුව STP9846                                               එච්. අයි. ඩී. ඩී. හෙට්ටිආරච්ච්චි 222492365 ගුරු අධ්...