ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයෙකු
ලෙස (STP9541)
ඉගෙනුම් ඵලය 1 -
විෂයමාලා සංවර්ධනය පිළිබඳ සංකල්ප, න්‍යායන්, ආකෘති, ප්‍රවේශ හා මූලධර්ම අනුව
පවත්නා පාසල් විෂයමාලාව විස්තරාත්මකව සමාලෝචනය කිරීම
පශ්චාත් උපාධි අධ්‍යාපන
ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමෙන් හා ජාතික අධ්‍යාපන ආයතනය සමඟ විෂයමාලාව සම්බන්ධ
කටයුතුවල දී ලද දැනුම හා අවබෝධය අනුව විෂයමාලාවක් යනු කුමක්ද ? යන්න සහ එහි
අන්තර්ගතය පිළිබඳ අවබෝධයක් තිබුණු බව හැඟිණි. නමුත් විෂයමාලාව පිළිබඳ ගැඹුරින්
හැදෑරීමට දින පාසල (ඇමුණුම 1), ලබා දී ඇති සම්පත් ද්‍රව්‍ය, පරිශීලන ග්‍රන්ථ හා
අන්තර්ජාලය (ඇමුණුම 2) භාවිතයෙන් අවබෝධයක් ලැබුණු බව හැඟුණි. විෂයමාලාවට එළඹිය
හැකි ආකාර තුනක් ඇති බවත්, විෂයමාලා ආකෘති පිළිබඳ ව ගැඹුරින් හැදෑරීමටත් අවස්ථාව
ලැබුණි. මෙහි දී ටයිලර් ආකෘතිය, ක්‍රියාවලි ආකෘතිය, හා පාසල් පාදක අකෘතිය පිළිබඳ ව
වැඩි අවධානයක් යොමු කළ අතර, එම අධ්‍යයනයෙන් පාසල් විෂයමාලාව විස්තරාත්මක ව
නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබී ඇති බව හැඟුණි. ලබාදී ඇති සම්පත් ද්‍රව්‍ය ඉංග්‍රීසි
මාධ්‍යයෙන් ඇති නිසා සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීම සඳහා අන්තර්ජාලය භාවිත කරන
ලදි.
මා හට සමීප විෂය
නිර්දේශයක් වන 6 ශ්‍රේණිය විද්‍යාව විෂය නිර්දේශය (ඇමුණුම 3) විස්තරාත්මක
විශ්ලේෂණය සඳහා තෝරා ගැනීම උචිත යැයි හැඟුණි. විද්‍යා විෂය විකාශය හා සාහිත්‍ය
විමර්ශනය සඳහා ග්‍රන්ථ පරිශීලනය කළ අතර, එම කරුණු වඩාත් තහවුරු කර ගැනීම සඳහා
ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන්ගේ උපකාරය ලබා ගන්නා
ලදි. 6 ශ්‍රේණිය විද්‍යාව විෂයමාලාව අධ්‍යයනයේ දී එය වඩාත් ටයිලර් ආකෘතියට සමීප
වුවත් වෙනත් ආකෘතිවල ලක්ෂණ ද දක්නට ලැබෙන බවත් හැඟුණි. තෝරාගත් විෂයමාලාව අධ්‍යයනයේ
දී එහි ධනාත්මක ලක්ෂණ ලෙස නිපුණතා පාදක බව සහ හොඳ අන්තර්ගතයකින් සමන්විත බව
අනාවරණය විය. එහි ඝෘණාත්මක ලක්ෂණ ලෙස ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රමාණවත් නොවන බව
හා අන්තර්ගතයට සිසුන්ගේ වර්ධන අවධියට ගැලපෙන පරිදි සමහර ක්ෂේත්‍ර ඇතුළත්වී නොමැති
බව අනාවරණය විය. මෙහි දී 21 වන සියවසට අදාළ නිපුණතා සිසුන් තුළ වර්ධනයට ඉවහල් වන
ලෙස තවදුරටත් සංවර්ධනය කළ යුතු බව හැඟුණි.
මෙලෙස විෂයමාලාව
සංවර්ධනය පිළිබඳ සංකල්ප, න්‍යායන්, ආකෘති, ප්‍රවේශ හා සංවිධාන මූලධර්ම පිළිබඳ
පූර්වයේ අවබෝධයක් තිබුණේ නම් විෂයමාලාව සම්බන්ධ සංශෝධනවලට සහාය වීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට
සහාය වීම වැනි කටයුතුවල දී වඩාත් කාර්යක්ෂම ව සහ ඵලදායී ව දායක වීමට හැකියාව තිබූ
බව හැඟුණි. උක්ත ඉගෙනුම් ඵලය අත්පත් කර ගැනීමෙන් පසු ඉදිරි විෂයමාලා සංශෝධනවල දී
හා විෂයමාලාවලට නිර්දේශ හා යෝජනා ලබා දීමේ දී වඩාත් පහසුවෙන් තර්කානුකූල ව කරුණු
ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබීම පිළිබඳ ව අභිමානයක් දැනුණි.
ඇමුණුම 1
ඉගෙනුම් ඵලය 2
විෂයමාලා ඛණ්ඩයක්
සැලසුම් කිරීම පිරිසැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
හා විෂයමාලා සංවර්ධන කටයුතු සඳහා දායකවී තිබුණ ද, විෂයමාලාවක් සංවර්ධනය කිරීම
පිළිබඳ විධිමත් දැනුමක් මා තුළ නොතිබූ බව අවබෝධ විණි. එබැවින් මෙම ක්‍රියාකාරකම මා
හට අත්දැකීමක් වූ අතර, පද්ධතියේ දැනට පවතින විෂයමාලාවක් අධ්‍යයනය කිරීමෙන් පසුව හා
විෂයමාලා සංවර්ධනය පිළිබඳ න්‍යාය, ආකෘති පිළිබඳව දින පාසලෙන් ලද දැනුම (ඇමුණුම 1)
හා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් ලබා ගත් දැනුම අනුව
විෂයමාලාවක් සංවර්ධනය කිරීම පිළිබඳ අවබෝධයක් ලැබුණු බව හැඟුණි. ප්‍රථමයෙන්
විෂයමාලාව සංවර්ධනය කිරීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් (ඇමුණුම 2) සකස් කළ යුතු
බවත්, එය අවශ්‍යතා සමීක්ෂණයක් සිදු කිරීම, සාහිත්‍ය විමර්ශනය, විෂයමාලාව නිර්මාණය
කිරීම, සංවර්ධනය කිරීම, විෂයමාලාව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම හා ඇගයීම යන
ක්‍රියාකාරකම්වලින් හා ඊට අනුරූප කාල වකවානුවලින් සමන්විත විය යුතු බව හැඟුණි. ඒ
අනුව ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලද අතර එහි ප්‍රථම පියවර ලෙස අවශ්‍යතා
සමීක්ෂණයක් සිදු කළ යුතු බව හැඟුණු අතර ඒ සඳහා ගුරුවරුන් හා විෂය ප්‍රවීනයන් සඳහා
ප්‍රශ්නාවලියක් (ඇමුණුම 3) සහ සිසුන් සඳහා ප්‍රශ්නාවලියක්ද (ඇමුණුම 4) සකස් කරන
ලදි.
මෙහිදී පරිසරය සුරැකීම
හා තිරසර සංවර්ධනය යන තේමා පාදක කරගෙන පරිසර කළමනාකරණය නමින් කාණ්ඩ විෂයයක් 10 වන
ශ්‍රේණියට හඳුන්වා දීමට උචිත බව හැඟුණු අතර එය අවශ්‍යතා විශ්ලේෂණයෙන් ලද ප්‍රතිචාර
අනුව වඩාත් තහවුරු වූ බව හැඟුණි. අවශ්‍යතා සමීක්ෂණයේ දී මා වායුගෝලය, ජලය, බලශක්තිය
හා ස්වාභාවික සම්පත් යන ක්ෂේත්‍ර තෝරා ගැනීම වඩාත් උචිත බව හැඟුණි. විෂයමාලාවට ඇතුළත් කිරීම සඳහා වෙනත් ක්ෂේත්‍ර
යෝජනා කිරීමට නිරීක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබුණද ඔවුන් වෙනත් ක්ෂේත්‍ර යෝජනා කර
නොතිබූ බැවින් මා ප්‍රථමයෙන් යෝජනා කරන ලද ක්ෂේත්‍ර ඔස්සේ විෂයමාලාව සංවර්ධනය කළ
යුතු බව හැඟුණි. තවද ඔවුන් එය කාණ්ඩ විෂයක් ලෙස හා සතියට කාලච්ඡේද 2 බැගින්
කාලච්ඡේද 60ක් වෙන් කිරීමට ද, ඇගයීමේ දී ලිඛිත ප්‍රශ්න පත්‍රයට ලකුණු 75% ක් හා ව්‍යාපෘති,
ක්‍රියාකාරකම් හා තක්සේරුකරණයෙන් ලකුණු 25% ලබා දීමටද එකඟ වී තිබුණි. එබැවින් ඒ අනුව
විෂයමාලාව සංවර්ධනය කළ යුතු බව හැඟුණි. විෂයමාලාව සංවර්ධනයේදී ඇතිවූ අභියෝග ජය ගැනීම
සඳහා දින පාසලේදී කථිකාචාර්යවරයාගෙන් හා සමපදස්ථයින්ගෙන් ලද සහාය ඉවහල්වූ බව
හැඟුණි. විශේෂයෙන්ම විෂය අරමුණු සකස් කිරීමේදී හා ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාකාරකම්
සැලසුම් කිරීමේදී ඔවුන්ගෙන් ලද සහාය මහත් රුකුලක් වූ බව හැඟුණි. විෂයමාලාව
සංවර්ධනයේදී මා හට ඇතිවූ තවත් අභියෝගයක් වන්නේ විෂයමාලාවේ පදනම සකස් කිරීම සඳහා
ඇතුළත් කළ යුතු සමහර විෂය කරුණු දැනට පවතින විෂයමාලාවල අන්තර්ගතව පැවතීමයි. එවැනි
විෂය කරුණු ඉතා කෙටියෙන් පරිසර කළමනාකරණ විෂයට පදනමක් සකස් කිරීම සඳහා ඇතුළත්
කිරීම සුදුසු බව හැඟුණි. නියමිත කාලච්ඡේද සංඛ්‍යාවට සරිලන පරිදි අන්තර්ගතය සකස්
කිරීම මා හට මහත් අභියෝගයක් වශයෙන් හැඟුණු අතර මේ සඳහා මිශ්‍ර ඉගෙනුම (blended
learning), යොදා ගැනීම හා කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් ගවේෂණයේ යෙදීමට අවස්ථාව සලසා
දීමෙන් මෙම අභියෝගය යම්තාක් දුරට මග හරවා ගැනීමට හැකිවූ බව හැඟුණි.
විෂයමාලාවක් සංවර්ධනයේදී
පවතින විෂයමාලා සමාලෝචනයෙන් සහ අන්තර්ජාතිකව පිළිගත් විෂයමාලා අධ්‍යයනය කිරීමෙන්
වඩාත් ඵලදායී ලෙස විෂයමාලාවක් සංවර්ධනය කිරීමට හැකිවූ බව හැඟුණි. සකස් කරන ලද
විෂයමාලා කෙටුම්පත, සමපදස්ථයින්ගෙන් ලබා ගත් අදහස් හා යෝජනා (ඇමුණුම 5)අනුව
සංශෝධනය කළ යුතු බව හැඟුණි. (ඇමුණුම 6) මීට පෙර මෙවන් විෂයමාලාවක් සංවර්ධනය කර
තිබුණේ නම් ජාතික අධ්‍යාපන ආයතනය සමඟ කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විෂයමාලා
සංවර්ධනයට සහාය වීමේදී ඵලදායී ලෙස සම්බන්ධවිය හැකිව තිබුණේ යැයි හැඟුණි. තවද මා හට
සම්බන්ධ කෘෂි විද්‍යාව හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයමාලා සම්බන්ධ කටයුතු වලදී හා
වාර්තා සකස් කිරීමේ දී, නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේදි වඩාත් සක්‍රීයව කටයුතු කළ
හැකිව තිබුණේ යැයි හැඟුණි.
ඉදිරි රාජකාරී කටයුතු
වලදී හා විෂයමාලා සංවර්ධනයේදී මෙම ඉගෙනුම් ඵලය කරා ළඟා වීමට සිදු කරන ලද අධ්‍යයන
උපකාරී වනු ඇතැයි හැඟුණි. තවද මෙම
අත්දැකීම් සමඟ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ සිදු කරන ඉදිරි කටයුතු වඩාත් සක්‍රීයව හා
ඵලදායීව ඉටු කිරීමට හැකි වෙනු ඇතැයි හැඟුණි. සියලුම විෂය අධ්‍යක්ෂවරුන්ට විෂයමාලා සංවර්ධනය කරන ආකාරය පිළිබඳව දැනුමක්
ලබා දීමෙන් දැනට පවතින හා ඉදිරියේදී පාසල් පද්ධතියට හඳුන්වා දීමට නියමිත විෂයමාලා
වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීමටත්, එහිදී පැන නැගෙන ගැටළුවලට සාර්ථකව මුහුණ දීමට
හැකියාවක් ලැබෙනු ඇතැයි හැඟුණි.
ඇමුණුම 1
ඇමුණුම 2
ඇමුණුම 3
ඇමුණුම 4
ඇමුණුම 5
ඇමුණුම 6
ඉගෙනුම් ඵලය 3
පිරිසැලසුම් කරන ලද
විෂයමාලා වලංගු කිරීම හා ප්‍රතිශෝධනය කිරීම
විෂයමාලාවක් සංවර්ධනය
කිරීම පිළිබඳව න්‍යාය, ආකෘති හා දින
පාසලෙන් ලද දැනුම අනුව මේ වන විට විෂයමාලාවක් කෙටුම්පත් කර තිබුණද, එය වලංගුකරණය
කිරීම හා ප්‍රතිපෝෂණයට ලක් කිරීම අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් බව දැනගෙන සිටියද, ඒ
සඳහා අත්දැකීම් නොමැති බව මා හට වැටහුණි. එහෙත් අන්තර්ජාලය පරිහරණයෙන් (ඇමුණුම 1),
දින පාසලෙන් ලද දැනුම (ඇමුණුම 2) හා
ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් ඒ සඳහා දැනුවත් භාවයක්
ලද බව හැඟුණි. ප්‍රථමයෙන්ම විෂය ප්‍රවීනයින් ලවා විෂයමාලාව ඇගයීම සිදු කර ගත යුතු
බව හැඟුණි.මෙහිදී ඇගයීමේ අරමුණු ලෙස විෂයමාලාවේ අවශ්‍ය වෙනස්කම් සිදු කරගෙන එය
තවදුරටත් සංවර්ධනය කර ගැනීම, අනවශ්‍ය විෂය කොටස් ඉවත් කිරීම, වඩාත් උචිත ඇගයීම් හා
තක්සේරුකරණ ක්‍රියාකාරකම් ඇතුළත් කිරීම හඳුනා ගන්නා ලදි. 10 වන ශ්‍රේණිය සඳහා සකස්
කරන ලද පරිසර කළමනාකරණ විෂයමාලාව ඇගයීම සඳහා විෂය ප්‍රවීනයින් තෝරා ගැනීම ඉතා ප්‍රවේශමෙන්
සිදු කළ යුතු බව හැඟුණි. මේ සඳහා ලැබී තිබූ කාලය අවම බැවින් මා ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර
ලබා ගත හැකි විෂය ක්ෂේත්‍රය පිළිබඳ මනා පළපුරුද්දක් හා විෂයමාලා සංවර්ධනයට, අධ්‍යාපන
ප්‍රතිසංස්කරණවලට හා පරිසර අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමට දායක වන හා
පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දායක වන විෂය ප්‍රවීනයින් පිරිසක් තෝරා ගැනීම
වැදගත් බව හැඟුණි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ, ජාතික අධ්‍යාපන ආයතනයේ හා කලාප
අධ්‍යාපන කාර්යාලයේ ඉහත සඳහන් කළ පළපුරුද්ද සහිත නිලධාරීන් හා ගුරු උපදේශකවරුන් හය
දෙනෙකු මේ සඳහා තෝරා ගත යුතු බව හැඟුණි. මෙහිදී විෂයමාලාව ඇගයීම සඳහා සියලු ක්ෂේත්‍ර
ආවරණය වනසේ සකස් කරන ලද ෂෙඩුලයක් අවශ්‍ය
වන බැවින් එය සකස් කළ යුතු බව හැඟුණි. මෙහිදී දින පාසලේදී ලද උපදෙස් අනුව ක්ෂේත්‍ර
ලෙස විෂය අරමුණු, නිපුණතා, නිපුණතා මට්ටම්, විෂය අන්තර්ගතය, ඉගෙනුම් ඵල, ඉගෙනුම්
අත්දැකීම්, ඇගයීම් හා තක්‌ෙස්රුකරණ ක්‍රමවේද,
කාලය හා වෙනත් වශයෙන් ක්ෂේත්‍ර 9ක් ආවරණය වන පරිදි ඉතා පුළුල් නිරීක්ෂණ පත්‍රිකාවක්
(ඇමුණුම 3) සකස් කළ යුතු බව හැඟුණි.
සකස් කරන ලද නිරීක්ෂණ
ෂෙඩුලය හා විෂයමාලාව විෂය ප්‍රවීනයන්ට ලබාදී නිරීක්ෂණ හා යෝජනා ලබා ගත් අතර ඒවා
විශ්ලේෂණය කරන ලදි. ඔවුන්ගේ නිරීක්ෂණ අනුව විෂයමාලාවේ සිදු කළ යුතු සංශෝධන
හඳුනාගත් අතර විෂය අරමුණුවල, තක්සේරුකරණ ක්‍රියාකාරකම් හා විෂය අන්තර්ගතයේ සමහර
කොටස් මේ යටතේ සංශෝධනය කළ යුතු බව හැඟුණි. නමුත් සමහර නිරීක්ෂණ හා යෝජනා අනුව
සංශෝධනය කිරීමෙන් ඇතිවන ගැටළු මග හරවා ගැනීමට ඒවා සංශෝධනය නොකළ යුතු යැයි හැඟුණි.
උදාහරණයක් ලෙස ඇගයීම් ක්‍රියාකාරකම් සඳහා තාක්ෂණය වැඩියෙන් භාවිත කළ යුතු බවට යෝජනා
කර තිබුණද, එක් එක් පාසලේ පවතින සම්පත් හා තාක්ෂණය අනුව වෙනස් කර ගත හැකි පරිදි ක්‍රියාකාරකම්
ඇතුළත් කළ යුතු බව හැගුණි. විෂය ප්‍රවීනයන්ට ලබා දුන් නිරීක්ෂණ ෂෙඩුලය ලබා ගැනීම
මා හට අභියෝගයක් වූ අතර ඒ සඳහා දැඩි උනන්දුවෙන් කටයුතු කර එය ලබා ගැනීමට හැකිවූ බව
හැඟුණි. ඔවුන්ගෙන් ලද ප්‍රතිචාර අනුව විෂයමාලා සංවර්ධනය පිළිබඳව මා තුළ තිබූ ගැටළු
මග හරවා ගැනීමට හැකිවූ බව හැඟුණි.
විෂයමාලාවක් ඇගයීම
පිළිබඳව මා හට මෙවන් දැනුමක් හා අවබෝධයක් මීට පෙර ලැබී තිබුණේ නම් ජාතික අධ්‍යාපන
ආයතනය සමඟ කටයුතු කිරීමේ දී මහත් පහසුවක් දැනෙනු ඇතැයි හැඟුණි. තවද මෙවන්
පුහුණුවක් පද්ධතියේ සිටින විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකයින් සතුව පවතී නම් එය
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී මෙන්ම නියාමනයේදී ද මහත් රුකුළක් වනු ඇතැයි
හැඟුණි. ඉදිරියේදී මාගේ රාජකාරි කටයුතුවලදී සහ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ විෂයමාලා
සම්බන්ධ කටයුතුවලදී දායක විය හැකි බව හැඟුණි. මා ලබා ගත් දැනුම මාගේ විෂයට අදාළ
විෂය අධ්‍යක්ෂවරුන්ට ලබා දීමෙන් විශේෂයෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නියාමනය
හා ඇගයීම පහසු වනු ඇතැයිද ඔවුනට විෂයමාලාව පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබාදීමෙන්
විෂයමාලා සංශෝධනවලදී සක්‍රියව දායක විය හැකි බවද හැඟුණි.
ඇමුණුම 1
ඇමුණුම 3
ඉගෙනුම් ඵලය 4
විෂයමාලාවක් ක්‍රියාත්මක
කිරීමේ සැලැස්මක් පිළියෙල කිරීම
අ. පො. ස. උසස් පෙළ
තාක්ෂණවේදය විෂයධාරාව ක්‍රියාත්මක කිරීමේ දී එය ක්‍රියාත්මක කිරීමට දායකවී තිබුණද,
විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කර නොතිබූ බව හැඟුණි.
නමුත් දින පාසලෙන් ලද දැනුම,ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ සම්පත් ද්‍රව්‍ය වලින් ලද
දැනුම (ඇමුණුම 1) අන්තර්ජාලය පරිශීලනයෙන් (ඇමුණුම 2) ලද දැනුම සහ සමපදස්ථයින් සමඟ
සාකච්ඡාවලින් ලද දැනුම (මුණුම 3) හා අවබෝධය අනුව විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ
සැලැස්මක් සකස් කිරීමට හැකියාවක් ලැබුණු බව හැඟුණි. මෙහිදී විෂයමාලාව ක්‍රියාත්මක
කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව හැඟුණි. ප්‍රථමයෙන්ම
විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා කාලසටහන සකස් කර ගැනීමට කාලච්ඡේද වෙන් කර ගන්නා
ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව හැඟුණි. පරිසර කළමනාකරණ විෂයය කාණ්ඩ විෂයයක්
ලෙස හඳුන්වා දීමටත් ඒ සඳහා සතියකට කාලච්ඡේද 2ක් ප්‍රමාණවත් වීම නිසා කාණ්ඩ විෂයයක්
ලෙස කාලසටහනට ඇතුළත් කිරීම ගැටළුවක් නොවන බව හැගුණි. තවද මෙම විෂයය ක්‍රියාත්මක
කිරීම සඳහා පවතින තත්ත්වය හමුවේ ගුරුවරුන් බඳවා ගැනීම සිදු කළ නොහැකි බැවින් සුදුසුකම්
සහිත අ. පො. ස. සාමාන්‍ය පෙළ විද්‍යාව හා කෘෂි විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු කරන
ගුරුවරුන් පුහුණු කිරීමෙන් අනතුරුව යොදා ගැනීම සුදුසු බව හැඟුණි. මෙම ගුරුවරුන්
පුහුණු කිරීමේ කාර්යය ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කිරීමටත්, එහිදී ප්‍රථමයෙන්
අදාළ විෂය භාර ගුරු උපදේශකවරුන් හා විෂය අධ්‍යක්ෂවරුන් ඝෘජුවම පුහුණු කර ඔවුන්
මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සම්බන්ධිකරණයෙන් පළාතේ ගුරුවරුන් පුහුණු
කිරීමටත්, කටයුතු සැලසුම් කළ යුතු බවත් හැඟුණි.
පරිසර කළමනාකරණය විෂයය
ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ හා පෙළ පොත් පිළිවෙලින්
ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සකස් කළ යුතු
බවත් හැඟුණි. විෂයමාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් හා සම්බන්ධීකරණය
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත හැකි බවත් සඳහන් කළ යුතු යැයි හැඟුණි. මෙම විෂය අ.
පො. ස. සාමාන්‍ය පෙළ විභාගයටද ඇතුළත් වන බැවින් විභාග පොර්තමේන්තුව විසින් ඇගයීම්
හා තක්සේරුකරණ මාර්ගෝපදේශයක් ලබා දිය යුතු බව හැඟුණි. ප්‍රථමයෙන් තෝරා ගත් පාසල්
200 ක විෂයය නියාමක මට්ටමින් ක්‍රියාත්මක කර ලැබෙන ප්‍රතිචාර අනුව අවශ්‍ය වෙනස්කම්
සිදුකර නව විෂයමාලාව සියළුම පාසල්වල ක්‍රියාත්මක කළ යුතු බව හැඟුණි. මෙම විෂයමාලාව
ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ නියාමනය හා ඇගයීම වැදගත් බැවින් ඒ සඳහා විෂය අධ්‍යක්ෂවරුන්
හා ගුරු උපදේශකවරුන් පුහුණු කළ යුතු බවත් හැඟුණි. මෙම සියළුම කරුණු හා උපායමාර්ග
එකතු කර විෂයමාලාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව හැඟුණු
අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දීමට චක්‍රලේඛයක් ( ඇමුණුම 4) සකස් කරන
ලදි. මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරු, කොට්ඨාස, කලාප, පළාත් අධ්‍යකක්ෂවරු දැනුවත්
කිරීම සිදු කළ යුතු බවත් හැඟුණි.
පූර්වයේදී මෙවැනි
විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම සඳහා දැනුමක් තිබුණේ නම් තාක්ෂණවේදය
විෂයධාරාව හඳුන්වා දීමේ දී මහඟු දායකත්වයක් ලබා දීමට හැකියාව තිබූ බව හැඟුණි.
විෂයමාලාව ක්‍රියාත්මක කිරීමට දායක වන සියළුම නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර
තිබුණේ නම් විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම නියාමනයේදී ද වඩාත් පහසු වනු ඇත.
ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී නව විෂයමාලා හඳුන්වා
දීමේදී හා ක්‍රියාත්මක කිරීමේදි ලබා ගත් දැනුම මහඟු පිටිවහලක් වනු ඇතැයි හැඟුණි. ඒ
අනුව ගුරුවරුන්, ගුරු උපදේශකවරුන් හා විෂය අධ්‍යක්ෂවරුන්ගේ පුහුණු සැසි වලදී මා
ලබා ගත් දැනුම ඔවුන්ට ද ලබා දීමට ද අවශ්‍ය බව වැටහුණි.
ඇමුණුම 1
ඇමුණුම 2
ඇමුණුම 4
ඉගෙනුම් ඵලය 5
විෂයමාලා කටයුතුවලට අදාළ
විවිධ ගැටළු විසදීම
විෂයමාලාවක් සංවර්ධනයේදී,
ඇගයීමේදී හා ක්‍රියාත්මක කිරීමේදි අධ්‍යාපන ක්ෂෙත්‍රයේ රාජකාරි සිදු කරන සියළු
දෙනාටම විවිධ අවස්ථාවලදී විවිධ අභියෝග හා ගැටළුවලට මුහුණ දීමට සිදුවී ඇති බව
වැටහුණි. එම ගැටළු නිරාකරණය කර ගැනීමට හෝ කළමනාකරණයට අවශ්‍ය කුසලතා ලබා ගැනීමට මා
හට අවස්ථාවක් ලැබී නොමැති බව හැඟුණි. එවැනි ගැටළු මතුවූ විට මා හැකි පමණින් ඒවාට
මැදිහත් වුවද විධිමත් ලෙස කටයුතු කිරීමට නොහැකි වූ බව හැඟුණි. දින පාසලෙන් ලද
දැනුම, ඉගෙනුම් සම්පත් අධ්‍යයනය කිරීමෙන් ලද දැනුම, අන්තර්ජාලය පරිශීලනයෙන්
(ඇමුණුම 1), සමපදස්ථ සාකච්ඡාවලින් ලද දැනුම (ඇමුණුම 2) හා සාකච්ඡා මණ්ඩපයෙන් ලද ප්‍රතිචාර
(ඇමුණුම 3) ගැටළු නිරාකරණය කර ගැනීමට ඉවහල් වන බව හැඟුණි.
විෂයමාලා සංවර්ධනයේදී
අරමුණු හඳුනා ගැනිමට, ඉගෙනුම් ඵල සකස් කිරීමට මනා අවබෝධයක් හා නිපුණතාවක් ලබා
තිබිය යුතු බව හැඟුණි. එමෙන්ම තක්සේරුකරණ හා ඇගයීම් ක්‍රියාකාරකම් සකස් කිරීමේදි
වැඩි ගැටළු ප්‍රමාණයකට පුහුණ දීමට සිදුවූ බව හැඟුණි. විෂයමාලාව සංවර්ධනයේදී හා ඇගයීමේදි
විෂය ප්‍රවීනයින් හා බාහිර පාර්ශවයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව විෂයමාලාව සංශෝධනය
කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබිය යුතු බව
වැටහුණි. එමෙන්ම විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළුවලට මුහුණ දීම සඳහා
විවිධ උපාය මාර්ග භාවිත කළ යුතු බවත් හැඟුණි. මෙහිදී ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පෙළ
පොත් හා යටිතල පහසුකම් ලබා දීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, එහිදී විවිධ
සාධක සැළකිල්ලට ගෙන කටයුතු කළ යුතු බවත් වැටහුණි. ඉගැන්වීම සඳහා ගුරුවරුන් යොදවා
ගැනීම, ගුරු පුහුණුව පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, සමස්ත ක්‍රියාවලියම
අඛණ්ඩව නියාමනය හා ඇගයීම සිදු කළ යුතු බවත් හැඟුණි. මෙහිදී දින පාසලේ කථිකාචාර්යවරයාගෙන්
ලද උපදෙස් හා මග පෙන්වීම ප්‍රයෝජනවත් වූ බව හැඟුණි. ගුරු පුහුණුව සඳහා නව තාක්ෂණය
හා ක්‍රමවේද භාවිත කළ යුතු බවත්, ඒ සඳහා මග පෙන්වීම ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයෙකතු ලෙස යන
පාඨමාලාවෙන් ලද බවත් හැඟුණි. විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළු හඳුනා
ගැනීමට අවශ්‍ය නිරීක්ෂණ පත්‍රිකා, ඇගයීම් පත්‍රිකා, මාර්ගගත ෂෙඩුල සකස් කිරීමට මනා
දැනුමක් හා අත්දැකීමක් මෙම පාඨමාලාව හැදෑරීමෙන් ලද බව හැඟුණි.
විෂයමාලාව ක්‍රියාත්මක
කිරීම සඳහා පාසල්වල පවතින යටිතල පහසුකම් සම මට්ටමේ නොපවතින නිසා ඒ සම්බන්ධයෙන්ද
විෂයමාලාව සකස් කිරීමේදි අවධානය යොමු කළ යුතු බව හැඟුණි. තවද ජනවාර්ගිකත්වය, ප්‍රාදේශියව
පවතින විවිධත්වයට ගැලපෙන ලෙස විෂයමාලාව සකස් කිරීමටත්. ප්‍රාදේශීයව පවතින පහසුකම්
හා සම්පත් අනුව විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වෙනස්කම් සිදු කර ගත හැකි
වන පරිදි විෂයමාලාව සකස් කළ යුතු බවටත් මනාව අවබෝධ කර ගත් බව හැඟුණි. විෂයමාලාව ක්‍රියාත්මක
කිරීමේදි තක්සේරුකරණය හා ඇගයීම සිදු කරන ආකාරය පිළිබඳව ඇති වන ගැටළු අවම කර ගැනිමට
ගුරුවරයා නිරන්තරයෙන්ම පුහුණු කළ යුතු බව මා හට හැඟුණි.
නව විෂයමාලාවක් හඳුන්වා
දිමේදී, විෂයමාලා සංවර්ධනය, ක්‍රියාත්මක කිරීම, ඇගයීම හා නියාමනයේදි ඇතිවන ගැටළු
අවම කර ගන්නා ආකාරය මෙම පාඨමාලාව හැදෑරීමෙන් අවබෝධ වූ බව හැඟුණු අතර, විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්
කටයුතු කරන ආයතනවල නිලධාරීන්ද දැනුවත් කළ යුතු බව හැඟුණි. ඒ අනුව විෂයමාලාවක් ක්‍රියාත්මක
කිරීමේදි ඇතිවන ගැටළු හඳුනා ගැනීමටත්, ඒවා නිවැරදි ලෙස විධිමත්ව කළමනාකරණය කර
ගැනිමටත් මා හට ඉදිරියේදි කටයුතු කළ හැකි බව හැඟුණි. ඒ අනුව විෂයමාලා ක්‍රියාත්මක
කිරීමේදි සම්බන්ධවන ගුරුවරුන්, ගුරු
උපදේශකවරුන් හා විෂය අධ්‍යක්ෂවරුන් මේ සම්බන්ධයෙන් ඉදිරි පුහුණු වැඩසටහන්වලදී
දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවත් හැඟුණි.
ඇමුණුම 1
ඇමුණුම 2




















No comments:
Post a Comment